ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු ලේකම් ජේ ෂා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව ප්‍රධානියා ලෙස සිය ධුර කාලය ආරම්භ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
ඒ අද (01) දින සිටයි.
ලොස් ඇන්ජලීස් 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීම ප්‍රධාන අරමුණක් මෙන්ම කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ධනය තවදුරටත් වේගවත් කිරීම ඇතුළු කරුණු ඔහුගේ ධුර කාලය තුළ සිදු කිරීමට බලාපොරොත්තුවන බවයි එම තනතුරේ වැඩ ආරම්භ කරමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ.
2009 දී ගුජරාට් ක්‍රිකට් සංගමය සමඟින් සිය ගමන ආරම්භ කළ ජේ ෂා ක්‍රිකට් පරිපාලනය පිළිබඳව ඉකුත් සමයේ දී දැඩි කතාබහට ලක්වූ අයෙක් ද වනවා.
Author: Lanka Hit News
Post Views: 35