ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම යොවුන් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ අඛණ්ඩව තුන්වැනි ජය වාර්තා කිරීමට ඊයේ ( 03 ) සමත් වී තිබෙනවා.
ඒ, තරඟාවලියේ මුලික වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවූ අවසන් තරගයේදී බංගලාදේශ යොවුන් කණ්ඩායම ලකුණු 07කින් පරාජය කරමින්.
ඩුබායිහි පැවැති මෙම තරඟයේදී පළමුව පන්දුවට පහර දුන්නේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම වන අතර ඔවුන් පන්දුවාර 49යි පන්දු 02ක් අවසානයේ ලකුණු 228ක් ලබා ගනු ලැබුවා.
මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ විමත් දිනසර විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් ශතකයක් වාර්තා කළා.
ඉන් අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ බංගලාදේශ යොවුන් කණ්ඩායමට ලබා ගත හැකි වුයේ පන්දුවාර 49යි පන්දු 03කදී ලකුණු 221ක් පමණි.
Author: Lanka Hit News
Post Views: 34