සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ පළමු ඉනිම ක්‍රීඩා කරන දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 358ක් ලබා ගනු ලැබුවා.
ඔවුන්ගේ කණ්ඩායමේ මුල් කඩුලු ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගියත් පිටිය අත්නොහරිමින් නායක ටෙම්බා බවුමා හා රයන් රිකෙල්ටනුයි ශක්තිමත් ලකුණු පුවරුවකට අඩිතාලම ගොඩනැගුවේ.
එහි දී ලකුණු 101ක් රැස් කරමින් රයන් සිය මංගල ශතකය වාර්තා කළ අතර ටෙම්බා ලකුණු 78ක් ලබා ගත්තා.
ඉන් පසුව ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ පන්දු හමුවේ ලකුණු රැස් කළ මැදපෙළ පිතිකරු කයිල් වෙරියේන් (Kyle Verreynne) ලකුණු 105ක් රැස් කරමින් ශතකයක් වාර්තා කළ අතර කගීසෝ රබාඩා ලකුණු 23කුත්, ඒඩන් මක්‍රම් ලකුණු 20කුත් ලබා ගෙනයි ලකුණු පුවරුව හැඩ කරනු ලැබුවේ.
.
එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වඩා හොඳ පන්දු හරඹයක යෙදුණු ලහිරු කුමාර තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ 100 වැනි කඩුල්ල ද සමගින් කඩුලු 04ක් බිඳ හෙළීමට සමත් වුණා.
මීට අමතරව අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු හා ප්‍රභාත් ජයසූරිය පිළිවෙලින් කඩුලු 03ක්, කඩුලු 02ක් සහ 01ක් කඩුල්ලක් බැගිනුයි දවා ගනු ලැබුවේ.
ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවට සමගාවීව පැවැත්වෙන මෙම තරඟාවලියේ අනිවාර්ය ජයග්‍රහණය ලෝක කුසලාන අවසන් මහා තරඟයට සහභාගි වීමේ බලාපොරොත්තුව ඉහළ නංවනු ලබනවා.
දැනට ලංකාව පළමු තරඟය පරාජය වී එම ප්‍රසාද ලකුණු සටහනේ 4 වැනි ස්ථානයට පත්ව සිටියි.