හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද විසින් රුපියල් කෝටි ගණන් මුදල් වංචා සහගතව ලබාගත් බව ඊ.පී.ඩී.පී. (EPDP) පක්ෂයේ හිටපු සහික සුඛපයියා පොන්නයියා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (11) යාපනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
ඊ.පී.ඩී.පී. (EPDP) පක්ෂයේ සාමාජිකයින් හමුදා සෙබළුන් ලෙස හඳුන්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගෙන් මුදල් ලබාගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.
මේ ආකාරයට එක් ඊ.පී.ඩී.පී සාමාජිකයෙකුට රුපියල් 65,000ක් දක්වා එවකට රජයෙන් මුදල් ලබාගෙන තිබෙන බවද ඔහු පවසනවා.
කෙසේ වෙතත් ඔවුන්ගේ වැටුප සාමාන්‍යයෙන් රුපියල් 15,000කටත් අඩු බව හෙතෙම පවසනවා.
මීට අමතරව ඉතුරුම් ලෙස අදාල මුදලින් රු.3,000ක් අඩු කරනු ලැබූ බවයි සුඛපයියා පොන්නයියා පැවසුවේ.
එම අඩුකළ මුදල විශ්‍රාම ගිය පසු එකතු කර දෙන බව පැවසුව ද ඒවා මෙතෙක් ලැබී නොමැති බවයි ඊ.පී.ඩී.පී. පක්ෂයේ හිටපු සහික සුඛපයියා පොන්නයියා පවසන්නේ.