ඉකුත් නොවැම්බරයේ පැවති අමෙරිකානු ජනාධිපතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් කළ ඩොනල්ඩ් ට්‍රම්ප් 2024 වසරේ පුද්ගලයා ලෙස සුප්‍රකට ටයිම්ස් සඟරාව විසින් ඊයේ (12) ප්‍රකාශයට පත් කළා.
ටයිම්ස් සඟරාව විසින් නම් කරන ‘වසරේ පුද්ගලයා’ සටනේ අනෙකුත් තරගකරුවන්ව සිටියේ, වත්මන් උප ජනාධිපති කමලා හැරිස්, ට්‍රම්ප්ගේ ප්‍රකෝටිපති සගයා වන එලොන් මස්ක්, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ වේල්ස් කුමරිය වන කේට් මිඩ්ල්ටන් කැතරින් යන ලෝ ප්‍රකට පුද්ගලයන්.
මෙම පිරිස අතරින් 2021 වසරේ දී ටයිම්ස් සඟරාව විසින් වසරේ පුද්ගලයා ලෙස එලෝන් මස්ක් නම් කර තිබූ අතර මීට පෙර 2016 වසරේ දී ඩොනල්ඩ් ට්‍රම්ප් ටයිම්ස් සඟරාව විසින් නම් කළ වසරේ පුද්ගලයා වී තිබුණා.
කෙසේ නමුත් යළිත් වතාවක් වසරේ පුද්ගලයා බවට පත් වූ ට්‍රම්ප් තමා ලැබූ ගෞරවය සම්බන්ධයෙන් ඊයේ සඳහන් කර තිබුණේ, “මෙය මට ගෞරවයක්, දෙවැනි වතාවටත් ටයිම් සඟරාව මට මෙම ගෞරවය ලබා දී තිබෙනවා. මම හිතන්නේ මෙවර ලැබුණු ගෞරවයට මම වඩා කැමතියි” යනුවෙන්.
ට්‍රම්ප් යනු අඛන්ඩව දෙවැනි ධුර කාලයට තේරී පත් වූ අමෙරිකානු ජනාධිපතිවරයෙකු නොවන අතර ඔහුට පෙර මේ ආකාරයෙන් යළිදු පත් වී තිබුණේ, 1800 අග භාගයේ දී ග්‍රෝවර් ක්ලීව්ලන්ඩ් නම් අමෙරිකානු ජනාධිපතිවරයායි.
කෙසේ නමුත් 2000 වසරේ සිට, ටයිම් සඟරාව විසින් අමෙරිකානු ජනාධිපතිවරණයන්ගේ ජයග්‍රාහකයන්ව වසරේ පුද්ගලයා ලෙස කිරුළු පළඳා ඇති අතර, 2020 දී අමෙරිකාවේ වත්මන් ජනාධිපති බයිඩ්න් සහ උප ජනාධිපති කමලා හැරිස් වෙත මෙම ගෞරව නාමය ඒකාබද්ධව ලබා දී තිබුණා.
මීට අමතරව හිටපු ජනාධිපති බැරැක් ඔබාමාට 2008 වසරේ දී සහ 2012 වසරේ දී මෙම ගෞරවය ටයිම් විසින් ලබා දී තිබූ අතර 2000 සහ 2004 යන වසරවල දී සහ හිටපු අමෙරිකානු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් විසින් හිමි කරගෙන තිබුණා.
තව ද 1993 සහ 1998 යන වසරවල දී හිටපු අමෙරිකානු ජනාධිපතිවරයෙකු වන බිල් ක්ලින්ටන් විසින් මෙම ගෞරව නාමය ඒකාබද්ධව කෙනත් ස්ටාර් සමඟ දිනාගත් අතර හිටපු ජනාධිපතිවරයෙකු වන ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගේ පියා වන ජෝර්ජ් හර්බට් බුෂ් ජනාධිපතිවරයා විසින් මෙම ගෞරවය 1988දී හිමි කර ගත්තා.
එසේ ම 1980 සහ 1983 දී හිටපු අමෙරිකානු ජනාධිපතිවරයෙකු වන රොනල්ඩ් රේගන්ව ටයිම් සඟරාව විසින් වසරේ පුද්ගලයා ලෙස නම් කර තිබූ අතර 1976 දී හිටපු අමෙරිකානු ජනාධිපති ජිමී කාටර්ව නම් කර තිබුණා.
ඊට පෙර මෙම නාමය දිනා ගත් අනෙකුත් අමෙරිකානු ජනාධිපතිවරුන් වූයේ 1971 සහ 1972 දී රිචඩ් නික්සන්, 1964 සහ 1967 දී ලින්ඩන් ජොන්සන්, 1961 දී ජෝන් එෆ්. කෙනඩි, 1959 දී ඩ්වයිට් අයිසන්හවර් (දෙවැනි ලෝක යුද්ධ සමයේ දී ඔහු ඇල්ලි හමුදාවට නායකත්වය දීම හේතුවෙන්),1945 සහ 1948 යන වසරවල දී හැරී ටෲමන් සහ 1932, 1934 සහ 1941 යන වසරවල දී ෆ්‍රෑන්ක්ලීන් ඩී. රූස්වෙල්ට් යන ජනාධිපතිවරුන්.
සුප්‍රකට ටයිම් සඟරාව විසින් සියවසකට පමණ පෙර සිට එනම් 1927 වසරේ සිට සෑම වසරකම ‘වසරේ පුද්ගලයා’ (මුලින් එය වසරේ මිනිසා ලෙස හඳුන්වා තිබුණා) නම් කර ඇති අතර, ‘වසරේ පුද්ගලයා’ නාමය ටයිම් සඟරාව විස්තර කරන්නේ ගෞරවයක් හෝ සම්මානයක් ලෙස නොව, එය යම් වර්ෂයක පුද්ගලයෙකුගේ බලපෑම සහ වැදගත්කම මත පදනම්ව තෝරා ගන්නා බවයි.