Global Platform For All Sri Lankans

Lanka Hit News

වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින්ට වැඩ වරදින හැඩ

 

පසුගිය ජනාධිපතිවරණය සඳහා තරග කර මැතිවරණ වියදම් නියාමන පනත යටතේ නිසි වියදම් පිළිබඳ වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින් සහ ඔවුන්ගේ නියෝජිතයින් ඇතුළු පිරිසක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙන බව වංචා විමර්ශන කාර්යාංශය අද (13) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

මැතිවරණ කොමිසම විසින් කරන ලද පැමිණිලිවලට අනුව වංචා විමර්ශන කාර්යාංශය විසින් පැමිණිලි හතකට අදාළව අද අධිකරණය හමුවේ කරුණු වාර්තා කළා.

වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරින් අධිකරණය හමුවේ සඳහන් කළේ 2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමන පනත යටතේ පසුගිය ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයින් හා ඔවුන්ගේ නියෝජිතයින් විසින් ජනාධිපතිවරණයේදී තමන් සිදුකළ වියදම් පිළිබඳව ඔක්තෝබර් මස 13 වනදාට පෙර වාර්තා මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කළ යුතු බවයි.

එහෙත් ඇතැම් අපේක්ෂකයින් හා ඔවුන්ගේ නියෝජිතයින් එම වාර්තා මෙතෙක් ඉදිරිපත් කර නොමැති බවත්, එය 2023 අංක 3 දරණ මැතිවරණ නියාමන වියදම් පනත යටතේ වරදක් බවත් එම නිලධාරින් දන්වා සිටියා.

මේ පිළිබඳව මැතිවරණ කොමිසම විසින් කරන ලද පැමිණිලි වලට අනුව විමර්ශන ආරම්භ කර ඇති බවත්, විමර්ශනවල ප්‍රගතිය දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් එම නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව, අදාළ පැමිණිලි පිළිබඳව විමර්ශන පවත්වා එහි ප්‍රගතිය මාර්තු මස 14 වන දා ඉදිරිපත් කරන ලෙස අධිකරණය විසින් වංචා විමර්ශන කාර්යාංශයට නියෝග කළා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරඟයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම නම් කරයි

ශ්‍රි ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය සඳහා සහභාගිවන ඕස්ට්‍රේලියානු සංචිතය නම් කර තිබෙනවා. ඒ අනුව නිත්‍ය නායක පැට් කමින්ස් වෙනුවට

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads