Global Platform For All Sri Lankans

Lanka Hit News

“ඒක උපාධියක් නෙමේ. ඊට පස්සේ අවුරුදු ගාණක් පිරුණම උපාධියක් බවට පත් කර ගත්තා අපි.” කතානායක පිළිතුරු දෙයි

 

කතානායක අසෝක රංවලගේ ආචාර්ය උපාධිය මුල් කර ගනිමින් මේ දිනවල දැඩි විවාදයක් මතුව ඇත්තේ ඔහුට එරෙහිව විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවට ගෙන ඒමේ විපක්ෂයේ සූදානමක් ද සමගයි.

මුලින් ම කතානායකවරයාගේ ආචාර්ය උපාධිය පිළිබඳ ප්‍රශ්නය සමාජ මාධ්‍ය තුළ කතා බහට ලක් වූ අතර පසුව විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්, සමාජ ක්‍රියාකාරිකයන් සහ මේ වන විට දේශපාලන ලෝකය විසින් ද ප්‍රශ්න කරමින් සිටිනවා.

එවන් පසුබිමක අප කතානායක අසෝක රංවලගෙන් අදාළ සිද්ධියේ ඇත්ත නැත්ත විමසා සිටි අතර ඒ පිළිබඳව කතානායකවරයා පැවසුවේ ‘තමා සුදුසු අවස්ථාවේ දී ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරන’ බවයි.

මේ අතර ඉකුත් 10 වැනි දා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරළ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ, “අපි ගාව තියෙනවා ජපානයේ වසේදා විශ්වවිද්‍යාලයෙන් ගෙන්න ගත්ත එකක් එහෙම කෙනෙක් එහේ අධ්‍යාපනය ලබලා නැහැ කියලා.” යනුවෙන් සඳහන් කළේ කතානායකවරයාගේ ප්‍රශ්නගත ආචාර්ය උපාධිය ගැන සඳහන් කරමින්.

එසේ ම ඊට පසු දින එනම් 11 වැනි දා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින්, අන්තර්ජාලය ඔස්සේ වසේදා විශ්වවිද්‍යාලයේ වෙබ් පුස්තකාලයේ උපාධි පර්යේෂණ නිබන්ධන (පර්යේෂණ පත්‍රිකා) ඇතුළත් කොට ඇති දත්ත පද්ධතියට පිවිසෙමින් පැවසුවේ, එහි කතානායක අසෝක රංවල්ගේ නම සොයා ගැනීමට නොමැති බවයි.

මේ අතර පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ද කතානායකවරයාගේ නම ඉදිරියේ යොදා තිබූ ‘ආචාර්ය’ උපාධි නාමය ඉවත් කර තිබෙනවා.

එවන් තත්ත්වයක් යටතේ, කතානායකවරයා සිය ප්‍රථම උපාධිය සම්පූර්ණ කර ඇත්තේ මොරටුව විශ්වවිද්‍යාලයෙන් ද යන්න BBC සිංහල පුවත් සේවය ඔහුගෙන් විමසා තිබූ අතර ඊට කතානායකවරයා විසින් දුන් පිළිතුරු එම වෙබ් අඩවියේ සහ ජාතික පුවත්පත්වල ද උපුටා දක්වා තිබුණා.

ඒ අනුව කතානායකවරයා BBC සිංහල පුවත් සේවය සමග කළ සාකච්ඡාව එහි සඳහන් කර තිබුණේ මේ ආකාරයටයි.

“අදාළ තොරතුරු විමර්ශනය අතරතුර නොවැම්බර් 27 වන දා කතානායක අශෝක රන්වල දුරකතනය ඔස්සේ සම්බන්ධ කරගැනීමට බීබීසීයට හැකිවිය.

අප සමඟ කළ මිනිත්තු 22ක දුරකතන සංවාදයේදී කතානායක අශෝක රන්වලගෙන් බීබීසී සිංහල විමසා සිටියේ ඔහුගේ මූලික උපාධිය ලබා ගත්තේ මොරටුව විශ්වවිද්‍යාලයෙන් ද යන්න පිළිබඳව ය.

“එතකොට යුනිවර්සිටි එක හැදිලා තිබුණේ නැහැ නේ අපිට. යුනිවර්සිටි එක ඒවෙලා ඇෆ්ලිටියේට් වෙලා තිබුණේ, UGC එකෙන් පරිවර්තනය වෙලා ආපු කාලෙනෙ අපි ඒක කලේ, එතකොට තිබුණේ ෆැකල්ටි එකක් විතරයි තිබුණේ. ටෙක්නිකල්….මොකද්ද ඒකට කියන්නේ. මම ඒක දුන්න විදිහට නෙමේ දාල තියෙන්නේ. කමන් නැහැ ඒක.”

එසේ නම් ඒ අනුව නිවැරදි ලෙස ඔහුගේ මුලික උපාධිය සඳහන් කරන්නේ කෙසේ දැයි විමසා සිටි අවස්ථාවේදී අශෝක රන්වල කියා සිටියේ, “ඒක මං ඔයාට ලියල එවන්න ද” යනුවෙනි.

කතානායක අශෝක රන්වලගේ දේශපාලන කටයුතු පිළිබඳ නිරන්තරයෙන් යාවත්කාලීන කරන ෆේස්බුක් ගිණුමේ (තහවුරු නොකළ) ඔහු පිළිබඳ සඳහන් තොරතුරු නිවැරදි ද යන්න පිළිබඳව බීබීසී සිංහල ඔහුගෙන් ඉන් අනතුරුව විමසීමක් කළේය.

“නැහැ. තාම ඔෆීෂයල් පේජ් එක හදලා නැහැ. එක එක්කෙනා මගේ වෙනුවට හදපුව තමා ඒවා.”

“ඒ දවස්වල මම ෆැකල්ටි එකේ ලොකු වැඩ කොටසක් කළානේ. පක්ෂයේ වැඩ කොටසක් කළානේ ෆැකල්ටි එකේ. ඒවත් එක්ක තමා ඔය දාලා තියෙන්නේ.” අශෝක රංවල කියා සිටියේය.

අශෝක රන්වලගෙන් බීබීසී සිංහල නැවත විමසා සිටියේ ඔහු මොරටුව විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු ලෙස හැඳින්විය හැකි ද යන්න පිළිබඳව ය.

“ඒක උපාධියක් නෙමේ.ඊට පස්සේ අවුරුදු ගාණක් පිරුණම උපාධියක් බවට පත් කර ගත්තා අපි. නමුත් ඒක වෙන්න ඇති ඕක ප්‍රශ්න කරනවා ඇත්තේ.”

“පෙට්‍රෝලියම් එකේ දන්න අය තමා ඔය කියන්නේ, [ඔහුට චෝදනා නඟන්නන්] පෙට්‍රෝලියම් එකේ රසායනික ඉංජිනේරුවා නෙමෙයි නේ මම”

“පෙට්‍රෝලියම් එකේ මම ඉන්දැද්දි දෙකම එකට කරලා තමයි ගත්තේ.[උපාධිය] ඒකයි ඔය. පෙට්‍රෝලියම් එකේ ඉංජිනියර්ස්ලා හිටියානේ. මම ඉංජිනියර් කෙනෙක් නෙමෙයි හින්දා තමා ඔය කියන්නේ පෙට්‍රෝලියම් එකේ.”

ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ සේවය කරන සමයේ ඔහු කුමන ධුරයක් දැරූවේ දැයි බීබීසී සිංහල ඔහුගෙන් විමසීමක් කළේය.

“මම කාර්මික නිලධාරී විදිහට හිටියේ.”

බීබීසී සිංහල අනතුරුව ඔහුගෙන් විමසා සිටියේ ඔහුගේ දැන් විවාදයට තුඩු දී ඇති ආචාර්ය උපාධිය පිළිබඳව ය.

එහිදී ඔහු සඳහන් කළේ ආචාර්ය උපාධිය ජපානයේ වසේදා විශ්වවිද්‍යාලයෙන් ලබා ගත් බව ය.

එය ජීව රසායනය සම්බන්ධ ආචාර්ය උපාධියක් බව ද අශෝක රන්වල එහි දී පැවසීය.

ජපානයේ වසේදා විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගත්තේ කුමන වසරේ දැයි බීබීසී සිංහල විසින් ඔහුගෙන් විමසීමක් කළේය.

“ඒක කළේ….අසූ…අනූ හයේ වගේ.”

කෙසේ නමුත් අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ බීබීසී ය විමසා සිටි කරුණු සම්බන්ධයෙන් ලිඛිතව පිළිතුරු එවීමට පොරොන්දු වූ කරුණු , කතානයක අශෝක රන්වල මේ දක්වා ගත වූ දින 14 තුළ අප වෙත එවා නැත.

ඒ සම්බන්ධයෙන් යළි දුරකතන ඇමතුමක් දෙන බව ඔහු අප වෙත පැවසුව ද මේ දක්වා අප වෙත දුරකතන ඇමතුමක් ලබා දී නැත.”

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරඟයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම නම් කරයි

ශ්‍රි ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය සඳහා සහභාගිවන ඕස්ට්‍රේලියානු සංචිතය නම් කර තිබෙනවා. ඒ අනුව නිත්‍ය නායක පැට් කමින්ස් වෙනුවට

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads