Global Platform For All Sri Lankans

Lanka Hit News

අස්වැසුම ප්‍රතිලාභින්ට විශේෂ දැනුම්දීමක්

 

ප්‍රතිලාභ බැර කිරීමට බැංකු ගිණුමක් නොමැති අස්වැසුම ප්‍රතිලාභීන්ට බැංකු ගිණුමක් විවෘත කරන්නැයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දී තිබෙනවා.

එම මණ්ඩලය සඳහන් කළේ, අස්වැසුම පළමු අදියරේදී සුදුසුකම් ලැබූ 6,000කට ආසන්න පිරිසක් බැංකු ගිණුම් විවෘත නොකිරීම හේතුවෙන් අස්වැසුම ප්‍රතිලාභ නොලබන බවයි.

ජාතික හැඳුනුම්පත නොමැතිවීම හේතුවෙන්, බැංකු ගිණුම් විවෘත කිරිමට නොහැකි පිරිස් ඒ අතර සිටින බවද සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පෙන්වා දුන්නා.

ජාතික හැඳුනුම්පත නොමැති වුව ද , බැංකු ගිණුම් විවෘත කිරිමට අවස්ථාව සලසා ඇති බවත්, එහිදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල දැනුවත් කර ඇති බවත්, සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළා.

ඒ අනුව, බැංකු ගිණුම් නොමැති අස්වැසුම ප්‍රතිලාභින් ලබන 27 වැනිදාට පෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ලබා දෙන ලිපිය ලබා ගෙන , බැංකු ගිණුම් විවෘත කළ යුතු බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩල දැනුම් දී තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads