Global Platform For All Sri Lankans

Lanka Hit News

කැරම් බෝඩ් නඩුවට අද ලැබුණු නියෝගය

 

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ සතොස ආයතනය මගින් කැරම් බෝඩ් සහ දාම් ලෑලි 14,000ක් බැගින් ආනයනය කර ක්‍රීඩා සංගම් අතර බෙදාදීම තුළින් රජයට රුපියල් මිලියන 5කට අධික පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ සතොස ආයතනයේ හිටපු සභාපති සහ හිටපු වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව අද (19) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ යළි කැඳවනු ලැබුවා.

මෙම නඩුව ප්‍රදීප් හෙට්ටිආරච්චි, ප්‍රදීප් අබේරත්න සහ මහේන් වීරමන් යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීම සිදුවුණා.

ඒ අනුව, නඩුවට අදාළ ලිඛිත හා වාචික දේශන ජනවාරි මස 22 වැනිදා ඉදිරිපත් කරන ලෙස විනිසුරු මඩුල්ල දෙපාර්ශවයේ නීතිඥවරුන්ට නියෝග කළා.

මෙහිදී විත්තිකාර නලින් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥවරු කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරු මඩුල්ල විත්තිකාර නලින් ප්‍රනාන්දුට ජනවාරි මස 10 වැනිදා සිට 16 වැනිදා දක්වා විදේශගත වීමට අවසර ලබා දුන්නා.

එම නියෝගය ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙසත් නියෝගයේ සඳහන් වුණා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads