Global Platform For All Sri Lankans

Lanka Hit News

සමූපාකාර සමිතිවල තිබූ කෝටි 765කට සිදුවූ දෙයක් නෑ

 

මධ්‍යම පළාතේ සමුපකාර සමිතිවල තැන්පත් කොට තිබූ කෝටි 750 කට අධික සාමාජික තැන්පත් මුදල් සහ රජයේ ආධාර මුදල් වශයෙන් ලැබුණු රුපියල් කෝටි 15 ක මුදල්වලට සිදුවූ දෙයක් නොමැති බව සමුපාකාර ක්‍රියාකාරිකයකු මෙන්ම හිටපු ග්‍රාම නිලධාරීවරයෙකු වන ඩී.කේ. කීර්තිසිංහ පවසනවා.

මහනුවරදී පැවති ප්‍රවෘත්ති හමුවකදී ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේ, මෙම මහා වංචාව පිටුපස මධ්‍යම පළාතේ හිටපු ආණ්ඩුකාරවරුන්, මහ ඇමතිවරුන් සහ රජයේ ඉහළ නිලධාරීන් සිටින බවයි.

එම මහා පරිමාණ වංචා දූෂණ අක්‍රමිකතා හේතුවෙන් මධ්‍යම පළාතේ තිබූ සමුපාකාර සමිති 2000 න් 1700 කට ආසන්න ප්‍රමාණයක් අකර්මණ්‍ය වී ඇති බැවින් එහි මුදල් තැන්පත් කළ විශාල පිරිසකට අසාධාරණයක් වී තිබෙන බවද කීර්තිසිංහ සඳහන් කළා.

මෙම වංචා හා දූෂණ සම්බන්ධයෙන් මේ වන විට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පරීක්ෂණ ආරම්භ කොට තිබෙන බවත් ඒ සඳහා කිලෝ 07 ක් බර ලිපිගොනු 1100 ක් එම දෙපාර්තමේන්තුවට බාර දී තිබෙන බවත් ඔහු සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් විගණන අංශ නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බව පෙන්වා දුන් කීර්තිසිංහ මහතා වංචා දූෂණ පිටුදැකීමේ මූලික අරමුණ කරගනිමින් බලයට පැමිණි වත්මන් රජය යටතේ හෝ මේ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් ආරම්භ වනු ඇතැයි බලාපොරොත්තු වන බවද සඳහන් කළා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads