Global Platform For All Sri Lankans

Lanka Hit News

යුරෝපා සංගමය රුසියානු සම්බාධක ලැයිස්තුවට චීන සමාගම් හා පුද්ගලයන් එක් කිරීම ගැන විරෝධය

චීනයේ විරෝධය හා සංවාද නොතකා රුසියාව වෙත 15 වැනි සම්බාධක පැනවීම තුළින් ඇතැම් චීන සමාගම් හා පුද්ගලයන් ද එම ලැයිස්තුවට එක් කිරීමට යුරෝපා සංගමය පියවර ගෙන ඇති බව ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් චීන වාණිජ අමාත්‍යංශය පවසනවා.

ඊට චීනය දැඩි ලෙස විරුද්ධත්වය පළකර සිටින බව අවධාරණය කරමින් ජාත්‍යන්තර නීති පදනම හා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සහතික රහිත ඒකපාර්ශ්වික සම්බාධක පැනවීම කෙරෙහි චීනය මුල සිට ම විරෝධය පළ කළ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ යුරෝපා සංගමය රුසියාව වෙත පනවන 15 වැනි සම්බාධක සැලැස්ම පසුගිය 16 වනදා ප්‍රකාශයට පත් කළ බවත්, එහිදී චීන සමාගම් හා පුද්ගලයන් ද එම “සම්පූර්ණ සම්බාධක”ලැයිස්තුවට එක් කිරීමට මුල් වරට පියවර ගෙන තිබෙන බවය.

චීන මාධ්‍ය සමූහය පවසන්නේ චීන යුරෝපා විස්තීර්ණ උපායමාර්ගික සබඳතාව රැකගැනීම, ගෝලීය කර්මාන්ත දාමය හා සැපයුම් දාමයේ ස්ථාවරත්වය තහවුරු කිරීම මත, වහාම චීන සමාගම්වල නීත්‍යනුකූල ප්‍රතිලාභවලට හානි සිදුකිරීම නතර කරන ලෙස චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටින බව චීන වාණිජ අමාත්‍යංශය අවධාරණය කර ඇති බවයි.

 

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads