Global Platform For All Sri Lankans

Lanka Hit News

ලයිසන් තුවක්කු 20ට පෙර දෙන්න

 

මේ දක්වා භාර නොදුන් හා විගණනයට ඉදිරිපත් නොකල සියලුම බලපත්‍ර සහිත ගිනි අවි ජනවාරි මස 20 වන දිනට පෙර භාර දීමට කටයුතු කරන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.

සිවිල් පුරවැසියන්ට තම ජිවිත ආරක්‍ෂාව සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් ලබාදී තිබු සියලුම වර්ගයේ ගිනි අවි හා පතරොම් නැවත රජයට භාර දෙන ලෙස දැනුම් දීමෙන් පසු මේ වනවිට බලපත්‍රලාභීන් 85% ක් පමණ ගිනි අවි නැවත භාරදීමට කටයුතු කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළා.

එසේම, පසුගිය කාලයේදී පුද්ගල ආරක්‍ෂාව සඳහා යුද හමුදාව සහ පොලීසිය විසින් සැලකිය යුතු ගිනි අවි හා පතරොම් ප්‍රමාණයක් නිකුත් කර ඇති බව ද සඳහන්.

තවද , සිවිල් ජන සමාජය තුල ගිනි අවි පරිහරණය හා අවභාවිතය අවම කිරීම තුලින් මෙන්ම නිසි නියාමනයක් කිරීම තුලින් සුරක්‍ෂිත සමාජයක් තහවුරු කිරීම වෙනුවෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇති බවද සඳහන් වුණා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads