ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම (ETCA) පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට පමණක් ජනාධිපතිවරයා මෑතකදී කළ ඉන්දීය සංචාරයේදී එකඟත්වය පළකළ බවයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සඳහන් කළේ.
ඔහු මේ බව සඳහන් කළේ ජනපතිවරයා සිදුකළ ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට අද (20) පැවති මාධ්‍ය සාකච්ඡාවේදී යි.
එමෙන්ම මෙහිදී එක් රජයේ සේවකයෙකු සති දෙක බැගින් වසර පහකට රජයේ සේවකයින් 1500 දෙනෙකු පුහුණුවක් සඳහාද ඉන්දියාවට යැවීමට ගිවිසුම්ගත වූ බවයි ඔහු සඳහන් කළේ.
Author: Lanka Hit News
Post Views: 2