Global Platform For All Sri Lankans

Lanka Hit News

ප්‍රියා අද නික්ම යයි

 

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේනගේ දේහය පිළිබද අවසන් කටයුතු අද (27) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව තිබෙනවා.

දේහය මේ වන විට බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර ඇති අතර මහජන ගෞරව දැක්වීමෙන් අනතුරුව දේහය බොරැල්ල පොදු සුසාන භූමිය වෙත රැගෙන යනු ඇති.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු පසුගිය අගහරුවාදා අභාවප්‍රාප්ත වන විට අවුරුදු 80 හැවිරිදි වියේ පසුවුණා.

පසුගිය දින කිහිපය පුරාම කලාකරුවන්, දේශපාලනඥයින් ඇතුළු රසික රසිකාවියන් විශාල පිරිසක් ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේනගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණියා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads