Global Platform For All Sri Lankans

Lanka Hit News

කතා මැවූ පාර්ලිමේන්තු මංගල සැසිවාරයේ තේපැන් සංග්‍රහයේ වියදම

“පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයෙන් පසුව ලබා දුන් තේ පැන් සංග්‍රහවල සත්‍ය වියදම්” යන මැයෙන් පළවූ මාධ්‍ය වාර්තා පිළිබඳව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කළා.

එම ශිර්ෂ පාඨය යටතේ 2024.12.29 වැනි දින පුවත්පතක පළවූ වාර්තාවක් සම්බන්ධයෙන් පහත කරුණු අවධාරණය කර තිබෙනවා.

උපුටා ගැනීම..

එම මාධ්‍ය වාර්තාවේ දක්වා ඇත්තේ පාර්ලිමේන්තු වැය ශිර්ෂ යටතේ චාරිත්‍රානුකූලව පවත්වන උත්සව කටයුතු සහ තේ පැන් සංග්‍රහ කටයුතු වෙනුවෙන් නවවැනි පාර්ලිමේන්තුවේ මංගල සැසියේදී රුපියල් 287,340/= ක මුදලක්ද දසවැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයෙන් පසුව ලබාදුන් තේ පැන් සංග්‍රහය වෙනුවෙන් රුපියල් 339,628.55ක මුදලක් වැය වී ඇති බවයි.

නවවැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය 2020.08.20 වැනි දිනද දසවැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය 2024.11.21 යන දිනයන්හිදී පවත්වා ඇත.

ඒ අනුව නවවැනි සහ දසවැනි පාර්ලිමේන්තුව වල මංගල සැසිවාරයන් වෙනුවෙන් පවත්වනු ලැබූ තේ පැන් සංග්‍රහ කටයුතු වෙනුවෙන් දරන ලද වියදම අතර වෙනසට පහත කරුණු හේතුපාදක වී ඇති බව දන්වනු කැමැත්තෙමි.

මෙම නවවැනි සහ දසවැනි පාර්ලිමේන්තුව වල පැවැත්වූ මංගල සභා වාරයන් අතර කාල පරාසය වසර 4ක් පමණ වේ.

එම කාල පරාසය තුළ වෙළඳපොළේ සිදුවූ මිල උච්චාවචනයන් ප්‍රධාන වශයෙන් සංග්‍රහ වියදම් හා අනෙකුත් වියදම් ඉහළයාමට බලපා ඇත.

මෙම කාල පරාසය තුළ සිදුවූ ආර්ථික පසුබෑමත් සමග භාණ්ඩ හා සේවා වල මිල ගණන් ඉහළ යාම හේතුවෙන් අ‍ාහාර වර්ග සකස් කිරීම සඳහා දැරීමට සිදුවූ වියදම 2020 වර්ෂයට සාපේක්ෂව 2024 වර්ෂයේදී දළ වශයෙන් 100% කින් වර්ධනය වී ඇති බව දන්වනු කැමැත්තෙමි.

තවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පමණක් නොව, රාජ්‍ය තාන්ත්‍රිකයින්, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු උසස් රාජ්‍ය නිලධාරීන්, ආරාධිතයින් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූ බව වැඩි දුරටත් දන්වමි.

උපුටා ගැනීම අවසන්..

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරඟයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම නම් කරයි

ශ්‍රි ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය සඳහා සහභාගිවන ඕස්ට්‍රේලියානු සංචිතය නම් කර තිබෙනවා. ඒ අනුව නිත්‍ය නායක පැට් කමින්ස් වෙනුවට

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads