Global Platform For All Sri Lankans

Lanka Hit News

දෙවන තරගයේ ජයත් නවසීලන්තය අයිති කර ගනියි

ශ්‍රී ලංකාව සමඟ පැවති දෙවන එක්දින තරඟය ලකුණු 113කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුවා.

හැමිල්ටන් ක්‍රීඩාංගණයේ දිවා රාත්‍රි තරඟයක් ලෙස මෙම තරඟය පැවතියා.

මෙම තරඟයට පෙර ඇදහැලුන වර්ෂාව හේතුවෙන් ඉණිමක් පන්දුවාර 37කට සීමා කෙරුණු බව සඳහන්.

තරඟයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින් පන්දු රැකීමටයි තීරණය කළේ.

අද තරඟයට වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර වෙනුවට ශ්‍රි ලංකා කණ්ඩායමට කැඳවා තිබුණේ මහීෂ් තීක්ෂණයි.

මේ අනුව මුලින් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සිය පන්දුවාර 37 අවසානයේ කඩුලු 9කට ලකුණු 255ක් රැස් කරනු ලැබුවා.

එහිදී නවසීලන්තය වෙනුවෙන් රචින් රවින්ද්‍ර ලකුණු 79ක් සහ මාර්ක් චැප්මන් ලකුණු 62ක් රැස් කළා.

පන්දු යැවීමේදි මහීෂ් තීක්ෂණ කඩුලු 04ක් සහ වනිදු හසරංග කඩුලු 02 බැගින් බිද හෙලීමට සමත් වුණා.

ඉන්පසු ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට පිවිසියේ ලකුණු 256ක ජයග්‍රාහි ඉලක්කයක් හඹායාමටයි.

නමුත් ඔවුන්ට පන්දුවාර 30යි පන්දු 2ක් අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 142ක් පමණි.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කමිදු මෙන්ඩිස් ලකුණු 64ක් සහ ජනිත් ලියනගේ ලකුණු 22ක් රැස් කළා.

පන්දු යැවීමේදි විලියම් ඕ රවූක් කඩුලු 3ක් සහ ජෙකබ් ඩූෆි කඩුලු 02ක බැගින් බිද හෙලනු ලැබුවා.

තරඟයේ වීරයා සම්මානය දින ගනු ලැබුවේ රචින් රවින්ද්‍ර විසින්.

මේ අනුව මෙම තරඟය ලකුණු 113කින් ජයගත් නවසීලන්ත කණඩායම තවත් තරඟයක් ඉතිරිව තිබියදි තරඟ දෙකට බින්දුවක් ලෙස තරඟාවලිය ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරඟයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම නම් කරයි

ශ්‍රි ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය සඳහා සහභාගිවන ඕස්ට්‍රේලියානු සංචිතය නම් කර තිබෙනවා. ඒ අනුව නිත්‍ය නායක පැට් කමින්ස් වෙනුවට

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads