Global Platform For All Sri Lankans

Lanka Hit News

ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති ධුරය කීර්ති වැලිසරගේට

 

ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කීර්ති වැලිසරගේ පත් කර තිබෙනවා.

ඒ, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි විසින්.

කීර්ති වැලිසරගේ කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිදාරියෙක් වනවා. වසර 27ක් රජයේ පාසල් ගුරු සේවයේ නිරතව සිටි ඔහු අධ්‍යාපනපති උපාධිය ද හිමිකරගත් අයෙක්වීමත් විශේෂත්වයක්.

කෙටි කතා, නව කතා, ශාස්ත්‍රීය සහ යොවුන් සාහිත්‍ය ආදී ක්ෂේත්‍රයන්හි පෘථුල දස්කම් පල කළ ඔහු සම්මානයට පාත්‍රවී තිබෙනවා.

තෙවරක් රාජ්‍ය සාහිත්‍ය සම්මානයයෙන් පිදුම් ලැබූ වැලිසරගේ සාහිත්‍යමය කාර්ය භාරය ස්වර්ණ පත්ම සම්මාන, ගොඩගේ සාහිත්‍ය සම්මාන සහ ගොඩගේ සාහිත්‍ය සම්මාන ආදියෙන්ද ඇගයීමට ලක්ව ඇති බව සඳහන්.

ඔහු විසින් රචිත කෙටි කතා 11 අතර අත් මිදුම, දඬුලේනා සහ තවත් කතා, දිගු තත්පර ආදී කෘති බොහෝ දෙනාගේ කතාබහට ලක්වූ ඒවා වනවා.

මායා තීර්ථ, කාල සර්ප සහ ගරුඬ මුහුර්තය වැනි නව කතා ඔහුගේ සාහිත්‍ය ප්‍රතිභාව මැනවින් කියා පෑ නිර්මාණ බවට සැලෙකෙනවා.

එමෙන්ම, ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සෙසු සමාජිකයන් ලෙස ආචාර්ය සසංක පෙරේරා, ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, මහාචාර්ය එස්. මෞණගුරු සහ නාට්‍යවේදී රුවන්ති ද චිකේරා යන මහත්ම මහත්මීන් පත් කර ඇති බව සඳහන්.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads