Global Platform For All Sri Lankans

Lanka Hit News

සාකච්ඡාවෙන් පසු, වර්ජනය අත්හිටුවයි !

 

ක්ලීන් ශ්‍රි ලංකා වැඩසටහන යටතේ බස් රථ සම්බන්ධයෙන් ක්‍රියාත්මක ඇතැම් ක්‍රියාමාර්ගවලට විරෝධය පළ කරමින් අද(08) මධ්‍යම රාත්‍රියේ ආරම්භ කිරීමට සැළසුම්කර තිබූ පෞද්ගලික බස් වර්ජනය අත්හිටුවීමට වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

ඒ මගී ආරක්ෂාවට තර්ජනය වන අයුරින් බස් රථවල සවිකර ඇති අනවශ්‍ය කොටස් ඉවත් කීරීමට ලබාදුන් සහන කාලය මාස 03 ක් දක්වා දීර්ඝ කිරීමට එකඟතාව පළ වීම හේතුවෙන්.

ඊට අදාළව බස් වෘත්තීය සමිති අද වැඩබලන පොලිස්පතිවරයා සමග සාකච්ඡාවකද නිරත වුණා.

බස් සංගම් ප්‍රධානින් සහ පොලිස්පතිවරයා අතර පැවැති සාකච්ඡාවේදී මූලික කාරනා කිහිපයකට දෙපාර්ශවය එකග වූ බව ලංකා බස් ගිමියනගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

පොලීසිය පැත්තෙන් සාදනීය විසදුමක් ලැබුනු නිසා වර්ජනය අත හරින බවද ඔහු සඳහන් කළා.

බරපතල ගැටලුවක් ව පවතින බස්රථ තරගය ට ධාවනය කිරීම අවම කිරීම සඳහා ඒකාබද්ධ කාල සටහනක් මාස තුනක් ඇතුලත සකස් කරන බව ට මෙහිදී රජයේ පාර්ශවය එකඟවූ බව ද ඔහු පවසනවා.

මෙම සාකච්ඡාවේදී පොලිස්පතිවරයා විසින් ජනාධිපතිවරයාව දුරකථනයෙන් සම්බන්ධ කර ගනිමින් බස් හිමියන්ගේ ගැටලු නිරාකරණය කර ඇති බවද වාර්තා වෙනවා.

බස්රථ වල අමතර සැරසිලි උපාංග ගැලවීමට මාස තුනක සහන කාලයක් ලබා දීම, බස්රථ ඉස්ටිකර් නොගැලවීම, ධාවනය වෙන අවස්ථා වේ මගීන් සමඟ මහමග බස්රථ නතර කිරිම සීමා කිරීමටත් එලෙසම එම අවස්ථා මාධ්‍යට ද දමා බස්රථ කර්මාන්තයට හා මගීන්ට අපහසුවක් ඇති නොවන පරිදි ක්‍රියා කිරීම නතර කිරීමටත්, පොලිසිය එකඟ වූ බව ගැමුණු විජේරත්න සඳහන් කළා.

කෙසේ වෙතත්, අනතුරුවලට අතවනන බස්රථ වල මෙම අනවශ්‍ය සැරසිලි උපාංග ඉහත මාස තුන ඇතලත බස් හිමියන් ගලවා දැමිය යුතු බවත්, එසේ නොවුණු හොත් පොලීසිය විසින් ඊට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කරන්න බවත්, මෙහිදී බස් හිමියන් වෙත වැඩ බලන පොලිස්පතිවරයා පවසා තිබෙනවා.

බස්රථ වල වැරදි සෙවීම සඳහා ආරම්භ කර ඇති පොලිස් මෙහෙයුම් ද නතර නොකරන බව වැඩ බලන පොලිස්පතිවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.

මෙම සාකච්ඡාවට ජාතික ගමනා ගමන කොමිසමේ ප්‍රධානීන් ,පළාත් ප්‍රවාහන බලදාරින් ඇතුළු බස්රථ සේවක සංගම් ප්‍රධානීන් සහභාගි වී තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරඟයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම නම් කරයි

ශ්‍රි ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය සඳහා සහභාගිවන ඕස්ට්‍රේලියානු සංචිතය නම් කර තිබෙනවා. ඒ අනුව නිත්‍ය නායක පැට් කමින්ස් වෙනුවට

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads