Global Platform For All Sri Lankans

5 මහළේ ජිම් එකේ බෑග් තබා 67 මහළට ගිය දෙන්නාම වැටුණා

Altair-Tragedy-Both-left-their-bags-in-the-5th-floor-gym-and-went-to-the-67th-floor-to-fall

කොළඹ 02 කොම්පඤ්ඤ වීදියේ ප්‍රකට ඇලවුණ ගොඩනැගිල්ල, අල්ටෙයාර් මහල් නිවාස සංකීර්ණයෙන් වැටී මියගිය ජාත්‍යන්තර පාසල් සිසු යුවළ සම්බන්ධ වැඩිදුර විමර්ශන මේ වනවිට සිදුකරමින් පවතී,

කුරුඳුවත්තේ පිහිටි ප්‍රක‍ට ජාත්‍යන්තර පාසලක 10 ශ්‍රේණියේ එකම පන්තියේ ඉගෙනුම ලබමින් සිටි 15 හැවිරිදි  වැල්ලවත්ත පදිංචි පිරිමි සිසුවෙකු සහ එම වයසේම කැලණිය පදිංචි ගැහැණු ළමයෙකු ඛේදජනක ලෙස මෙම සිදුවීමෙන් මිය ගොස් ඇත.
ඊයේ (03) සවස මේ දෙන්නා පාසල නිමවීමෙන් පසු පාසලේ සිට ත්‍රීරෝද රථයකින් මෙම ගොඩනැගිල්ලට එන අයුරු පරීක්ෂණ පවත්වන පොලිසියට සීසීටීවී ඔස්සේ නිරීක්ෂණය කළ හැකිව තිබේ.
අනතුරුව ඔවුන් ගමන් කර ඇත්තේ මෙම ගොඩනැගිල්ලේ 5 වන මහලේ පිහිටා ඇතැයි කියන කායවර්ධන මධ්‍යස්ථානයටය.

එහිදී ඔවුනගේ පාසල් නිල ඇඳුම වෙනස් කර පාසල් බෑග් තැබීමෙන් පසු  දෙන්නාම විදුලි සෝපානය ඔස්සේ 67 වන ඉහළ මාලයකට ගමන් කරන අයුරු නිරීක්ෂණය වී තිබේ. මෙම ගොඩනැගිල්ලේ තට්ටු 70 ක් ඇති අතර බාහිරින් පැමිණෙන කෙනෙකුට ගමන් කළ හැකි උපරිම තට්ටුව 67 බව කියැවෙයි. එම ස්ථානයේ ගොඩනැගිල්ලට අමුණා සවිකර තිබෙන විවෘත පඩිපෙළ ආසන්නයට ඔවුන් ගමන් කරන අයුරු පොලිසියට නිරීක්ෂණය වී ඇත. ඔවුන් බිමට වැටෙන්නේ එතැනදීය.
කෙසේ වෙතත් ඉන් එහාට සීසීටීවී සවිකර නැති අතර ඔවුන් එහි සිටියදී කවර ආකාරයෙන් බිමට වැටුණේද යන්න පැහැදිලි නැති බව පොලිසිය පවසයි. එම විවෘත පඩිපෙළ අසලින් බිමට වැටී ඇති ඔවුනගේ සිරුරු ඊයේ රාත්‍රියේ වායු සමීකරණ ඒකක සවි කර ඇති තුන්වන මහලේ තිබී සොයා ගන්නා ලදී. මහත් උසක සිට වැටුණ සිරුරු ලේ සහිතව වැටී දෙන්නාම එතැන මියගොස් තිබිණි.
 මෙය සියදිවි නසාගැනීමක් ද යන්න තීරණය කිරීම තවම අවිනිශ්චිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබේ. ඔවුන්ගේ මුහුණුවල ඉරියව් හා ගමන් කර ඇති ආකාරය නිරීක්ෂණය කරද්දී එවැන්නක් හඳුනාගන්නට බැරි බව ඔහුගේ අදහසයි.
මෙම සිදුවීම ගැන පෙර පළවූ වාර්තාවකින් කියැවුනේ මෙම ගොඩනැගිල්ලේ පාසල් සිසුන් 100 ක් සහභාගීවූ සාදයක් පැවති බවටය. නමුත් එම සිදුවීම හා මේ දෙන්නාගේ මරණ අතර සම්බන්ධයක් නැති බව දැන් හෙළිව තිබේ. ඔවුන් ගොඩනැගිල්ලේදී ගමන් කර තිබුනේ කායවර්ධන මධ්‍යස්ථානයට  හා 67 වන මහළට පමණි.

මෙම සිසුවා හා සිසුවිය පෙම්වතුන්ව සිටි අයද ඔවුන්ට කිසියම් ගැටලුවක් පැවතියේද යන්න ගැනද පරීක්ෂණ පවත්වන අතර ඔවුනගේ දෙමාපියන්ගෙන් කට උත්තර ලබාගෙන ඇතැයි පොලිසිය පවසයි.
දේශයන් පිළිබඳ පශ්චාත් පරීක්ෂණ සිදුකිරීමට නියමිතව තිබිණි.
වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Source link

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads