Global Platform For All Sri Lankans

බිරියගේ ගෙල මිරිකා මරා සැමියා දොර ලොක් කර පැනගිහින්

After-strangling-the-wife-the-husband-locked-the-door-and-ran-away

මල්වානේ වල්ගම ප්‍රදේශයේ දෙමහල් ගොඩනැඟිල්ලක ඉහළ මහලේ කාමරයක සිය සැමියා සමග නවාතැන් ගෙන සිටි බියගම නිදහස් වෙළෙඳ කලාපයේ පෞද්ගලික ආයතනයක සේවිකාවක් එම කාමරය තුළ අබිරහස් ලෙස මරාදමා තිබියදී බියගම පොලිසිය මගින් පෙරේදා (01) රාත්‍රියේ සොයා ගෙන ඇත.

එම සේවිකාව සමග එකට නවාතැන් ගෙන සිටි එම පුද්ගලයා සිද්ධියෙන් පසුව පලාගොස් සිටියදී එදිනම (01 වැනිදා) පස්වරුවේ කොස්ගොඩ මුහුදු වෙරළේ සිටියදී කොස්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ මරාදමා ඇත්තේ බියගම නිදහස් වෙළෙඳ කලාපයේ පෞද්ගලික ආයතනයක සේවය කළ ඇල්පිටිය, නවදගල ඇලිකෑහේන ප්‍රදේශයේ පදිංචිව සිටි කේ. පී. ශම්මි මධුෂිකා ප්‍රියංකරි නමැති විසිනව හැවිරිදි තැනැත්තියකි.

ඉකුත් 29 වැනිදා මේ දෙදෙනා අතර ඇතිවූ බහින් බස් වීමක් මත එම පුද්ගලයා විසින් ඇයගේ ගෙල සිර කර මරාදමා කාමරයේ දොරේ අගුල් දමා පලාගිය බවට ඔහු පාපොච්චාරණය කර තිබුණි.

මොහු කොස්ගොඩ පොලිසියේ අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ ඔහු මේ සිද්ධිය හෙළිකර තිබෙන අතර ඒ බව කොස්ගොඩ පොලිසිය විසින් බියගම පොලිසියට දැනුම් දී ඇත.

ඒ අනුව වහා ක්‍රියාත්මක වූ බියගම පොලිසිය එම කාමරයට ගොස් දොර විවෘත කර බැලීමේදී එම සේවිකාව මරා දමා තිබූ අයුරු දැක ගැනීමට හැකිවිය.

මොහු අත්අඩංගුවට පත්වන විට රුධිර පීඩනය පාලනය කිරීමට ගන්නා ප්‍රෙෂර් පෙති වගයක් පානය කොට අසනීප තත්ත්වයෙන් පසුවූ හෙයින් ඔහු පොලිසිය විසින් රෝහල්ගත කරන ලදී.

එම සැකකාර පුද්ගලයාට ස්ථීර රැකියාවක් නැති අතර ඔහුද ඇල්පිටිය ප්‍රදේශයේම පදිංචි තිස් දෙහැවිරිදි පුද්ගලයකු වන බවද කියැවෙයි.

මේ ඝාතනය සම්බන්ධව බියගම පොලිසිය විසින් මහර මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තා කර තිබෙන අතර ඒ අනුව මහර මහෙස්ත්‍රාත්වරයා සිද්ධිය වූ ස්ථානයට පැමිණ මහෙස්ත්‍රාත් නිරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබුණේය.

බියගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

දෙල්ගොඩ – ඩබ්ලිව්. ඩී. විතාන හා බියගම – සුදත් පුබුදු කීර්ති



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Source link

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads