Global Platform For All Sri Lankans

CCTV හයි කෙරෙව්වේ ක්ලබ් වසන්ත මැරු හැටි ලොකු පැටීට Live බලන්නලු

 කෝටිපති ව්‍යාපාරිකයකු වූ රාජපක්ෂ දොන් සුරේන්දු වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත අතුරුගිරිය නගරයේ ටැටූ මෝස්තර නිර්මාණ ආයතනය විවෘත කිරීමට පැමිණි අවස්ථාවේ වෙඩික්කරුවන් එහි පැමිණෙන මොහොතේ සිට වෙඩි තබා ඝාතනය කරන ආකාරය මෙම ඝාතන සැලැස්ම ක්‍රියාත්මක කළේ යැයි කියන ඩුබායි රටේ සැඟව සිටින පාතාල නායක ලතුවා හන්දි සංජීව පුෂ්පකුමාර හෙවත් ලොකු පැටී ඔහුගේ ජංගම දුරකතන ඔස්සේ සජීවීව නරඹා ඇතැයි වාර්තාවේ.

එසේම එම කොන්ත්‍රාත්තුව ලොකු පැටී නමැත්තාට බාර දුන්නේ යැයි කියවෙන ප්‍රංශයේ සැඟව සිටින පාතාල නායක කන්ජිපානී ඉම්රාන් ද වසන්තට වෙඩි තබන ආකාරය මුල සිටම සජීවීව නරඹා ඇතැයි පැවැසේ.මෙම ඝාතන සැලැස්ම ක්‍රියාත්මක වූ දිනට දින කිහිපයකට පෙර ටැටූ මෝස්තර නිර්මාණ ආයතනයේ සවිකර ඇති සී.සී. ටී.වී කැමරා පද්ධතියේ දත්ත ලොකු පැටීගේ ජංගම දුරකතනයට සම්බන්ධ කරගෙන එය විවෘත කරන අවස්ථාවේ සිට මෙම ඝාතනය සිදුවන ආකාරය මුල සිටම නරඹා ඇතැයි ඩුබායි රටෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඩුබායි රටට පලා ගොස් සැඟව සිටින ලොකු පැටීගේ ප්‍රධාන ගෝලයා ලෙස සැලකෙන රොටුඹේ අමිල ඇතුළු පාතාල ගෝල බාලයන් කිහිප දෙනකුද සමග මත්පැන් පානය කරමින් මෙය නරඹා ඇති බවද පැවැසේ.

මේ අතර ක්ලබ් වසන්තගේ සිරුර සහිත දේහය තැන්පත් කර තිබූ බොරැල්ලේ ප්‍රධාන පෙළේ මල් ශාලාවට පෙරේදා (10) මධ්‍යම රාත්‍රියේ ඉම්රාන් යනුවෙන් හඳුන්වා ගත් අයකු ඇමතුමක් ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. ඇමැතුමට ප්‍රතිචාර දක්වා ඇත්තේ ඒ අවස්ථාවේ මශාලාවේ කාර්යභාර නිලධාරියා වශයෙන් සිටි තැනැත්තා බවත් “ඔය බොඩි එක ඉක්මනට ඔතනින් ඉවත් කරපන්. නැත්තං උඹලටත් කරදර වෙන්න පුළුවන්” යැයි කියා ඉම්රාන් නමින් පෙනී සිටි පුද්ගලයා තර්ජනය කර ඇති බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇමතුමට ප්‍රතිචාර දැක්වූ අවස්ථාවේ මශාලාවේ කාර්යභාර නිලධාරියා ලෙස කටයුතු කළ අය මේ බව බොරැල්ල පොලිසියට දැනුම් දී ඇතැයි ද එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා සඳහන් කළේය.පොලිසියට මේ බව දැනුම් දුන් මොහොතේම විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් ක්ලබ් වසන්තගේ දේහය තැන්පත් කර ඇති මව්ශාලාවේ ආරක්ෂාව සඳහා යෙදවූ බව එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා සඳහන් කළේය. ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව ලොකු පැටීට භාරදී තිබුණු බව කියන්නේ ප්‍රංශයට පලා ගොස් සැඟව සිටින පාතාල නායකයකු බව කියන කංජිපානි ඉම්රාන් බව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් වලට තොරතුරු ලැබී ඇතැයි කියති.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Source link

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

O/L විභාග ප්‍රතිඵල හරියටම නිකුත් වෙන දිනය මෙන්න

පසුගිය වසරේ පවති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සති දෙකක් ඇතුළත ප්‍රකාශ කිරීමේ හැකියාව පවතින බව ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අධ්‍යාපන

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads