Global Platform For All Sri Lankans

සජීවීව අමුතු නාටකයකුත් පෙන්නලා, ක්ලබ් වසන්තගේ අවසන් මොහොත ගැන තවත් අමුතුම කතාවක් එළියට…

 

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ටැටූ ව්‍යාපාරික ආයතනය විවෘත කිරීමට පැමිණි මොහොතේ සිට වෙඩි තබා ඝාතනය කරන ආවස්ථාව වන තෙක් සිදුවීම් සියල්ල ඝාතන සැලැස්ම සිදු කළේ යැයි කියන ඩුබායි රටේ රැගෙන සිටින සංජීව පුශ්පකුමාර නොහොත් ලොකු පැටී සජීවීව නරඹා ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

මෙම සැලැස්ම ක්‍රියාත්මක කරන ආකාරය ඔහු සිය ජංගම දුරකතනය හරහා මෙසේ සජීවිව නරඹා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ජීවිතක්ෂයට පත් වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ දේහය බොරැල්ලේ පිහිටි මල් ශාලාවක තැන්පත් නොකරන ලෙස එම මල්ශාලාවට තර්ජන එල්ල වී ඇති බව බොරැල්ල පොලිසිය පවසනවා.

විදේශයක සිට ලැබී ඇතැයි කියන ඇමතුමක් හරහා එම තරජනය එල්ල වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් අදාළ මල් ශාලාව විසින් බොරැල්ල පොලිසිය වෙත පැමිණිල්ලක් ද යොමු කර තිබෙනවා.

ඒ අනුව අදාළ මල්ශාලාවේ ආරක්ෂාව තර කිරීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads