Global Platform For All Sri Lankans

ඩයනාට සී.අයි.ඩි යෙන් නඩු 6ක්

diana-gamage

 වීසා නොමැතිව වසර 06 ක් නීති විරෝධී අන්දමින් ශ්‍රී ලංකාවේ රැඳී සිටීම මෙන්ම ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සම්බන්ධයෙන් රහස් පොලිසිය හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු 06ක් ඊයේ (11) ගොනු කළේය.

චෝදනා 07 ක් යටතේ රහස් පොලිසියේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ආගාමික හා විගාමික පනත යටතේ ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ගොනු කර ඇති මෙම නඩුවලට අදාළ චෝදනා පත්‍ර කියවා දීම සඳහා අගෝස්තු පළමුවැනිදා කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (11) නියම කළේය.

2014 ජනවාරි 20 වැනිදා හෝ ඊට ආසන්න දිනක බත්තරමුල්ලේදී එන්. 50191386 දරන විදේශ ගමන් බලපත්‍රය ලබාගැනීම සඳහා ආගමන විගමන පාලකවරයාට ව්‍යාජ තොරතුරු ඇතුළත් අයදුම් පත්‍රයක් ඉදිරිපත් කළ බවට විත්තිකාරියට එරෙහිව ආගාමික විගාමික පනත යටතේ රහස් පොලිසිය නඩු පවරා ඇත.ඊට අමතරව වලංගු වීසා බලපත්‍ර නොමැතිව 2016 ජූලි 17 වැනිදා සිට 207 ජූලි 16 වැනිදා දක්වාත්, 2017 ජූලි 17 වැනිදා සිට 2018 ජූලි 16 වැනිදා දක්වාත්, 2018 ජූලි 17 වැනිදා සිට 2019 ජූලි 16 වැනිදා දක්වාත්, 2019 ජූලි 17 වැනිදා සිට 2020 ජූලි 16 වැනිදා දක්වාත්, 2020 ජූලි 17 වැනිදා සිට 2021 නොවැම්බර් පළමු වැනිදා දක්වාත් වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටි බවට වෙන වෙනම නඩු 06ක් රහස් පොලිසිය ගොනු කොට තිබිණි.

ආගාමික විගාමික පනත යටතේ මෙන්ම දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය යුතු වරදවල කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මෙලෙස නඩු පවරා ඇත්තේ හෝකන්දර පදිංචි හේවගේ නයනා සමන්මලී හෙවත් ඩයනා නතාෂා කැකුණ දුර හෙවත් ඩයනා ගමගේ නමැති විත්තිකාරියට එරෙහිවය.මෙම නඩු සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින ඩයනා ගමගේ මහත්මිය නඩු කැඳවූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී සිටියාය. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු විත්තිකාරියට එරෙහි නඩු 06 අධිකරණයට ඉදිරිපත් කළහ.කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නිවාඩු ලබා සිටි හෙයින් අදාළ පැමිණිලි විවෘත අධිකරණයේදී භාරගත් අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා විත්තිකාරියට එරෙහි චෝදනා කියවාදීම සඳහා මෙම නඩු අගෝස්තු පළමු වැනිදා කැඳවීමට නියම කළේය.

රහස් පොලිස් බාරයට ගෙන ඇති විත්තිකාරිය භාවිතා කළ රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු භාණ්ඩයක් වන මෙම රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය මෙන්ම නඩු ගොනුද සේප්පුවේ තැබීමට නියම කරන්නැයි ඉල්ලා සිටියහ.එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා නඩු භාණ්ඩයක් වශයෙන් අධිකරණයට ඉදිරිපත් කළ විත්තිකාරියගේ රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බල පත්‍රය මෙන්ම නඩු ගොනුද සේප්පුවේ තැබීමට නියම කළේය.මෙම නඩු ලබන අගොස්තු පළමුවැනිදා ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ කැඳවීමට ද නියම කෙරිණි.
රෝෂන් තුෂාර



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Source link

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

O/L විභාග ප්‍රතිඵල හරියටම නිකුත් වෙන දිනය මෙන්න

පසුගිය වසරේ පවති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සති දෙකක් ඇතුළත ප්‍රකාශ කිරීමේ හැකියාව පවතින බව ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අධ්‍යාපන

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads