Global Platform For All Sri Lankans

Lanka Hit News

රුවන්වැලි සෑයේ රාජකාරි සැරයන් සියදිවිනසාගැනීම සැකයක්

ruwan-weli-seya

උඩමලුව පොලීසියට අනියුක්ත, රුවන්වැලි සෑය මුරපොළේ රාජකාරී කරමින් සිටි පොලිස් සැරයන්වරයෙකු ඊයේ (11දා) අලුයම වෙඩි වැදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව උඩමලුව පොලීසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, රුවන්වැලි සෑය මුරපොළේ උප සේවා රාජකාරියේ යෙදී සිටි, අංක 20, බුලංකුලම වත්ත, සාලිය මාවත, අනුරාධපුර ලිපිනයේ පදිංචි රත්නායක මුදියන්සේලාගේ ජයතිලක (32755) නමැති සැරයන්වරයෙකි

එම සැරයන්වරයා දෙදරු පියෙකු වන අතර, ඔහුගේ බිරිඳ සමෘද්ධි නිලධාරීනියකි. ජීවිතක්ෂයට පත් වූ සැරයන්වරයා එම මුරපොළේ උපසේවා (ඊසව්) භාරව කටයුතු කරමින් සිටියදී ඊයේ (11දා) අලුයම 5ට පමණ මෙම වැඩි වැදීම සිදුව තිබේ.අලුයම එම මුරපොළ දෙසින් වෙඩි ශබ්දයක් ඇසී, එම ස්ථානයට ගොස් බලන විට එම සැරයන්වරයා ලේ ගලන තුවාල සහිතව බිම වැටී සිටි බව පොලීසිය කියයි. එම සැරයන්වරයා විසින් වෙඩි තබාගෙන සිය දිවි නසා ගැනීමක් සිදුකර ගත්තේද, නැතිනම් වෙනත් පාර්ශ්වයක් විසින් සිදුකළ වෙඩි තැබීමක්ද යන්න දැන ගැනීම සඳහා අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ සිදුකරන බවද පොලීසිය සඳහන් කළේය.මෙම මරණය සම්බන්ධව මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (11දා) උදෑසන සිදුකරනු ලැබීය.
බී.ජී . චතුරංග



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Source link

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads