Global Platform For All Sri Lankans

නිවසට විදුලිය හොරෙන් ගත්තැයි කොටුව මහේස්ත්‍රාත් කෝසලගේ සේවය අත්හිටුවයි

kosala-senadheera

කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතාගේ සේවය අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් තාවකාලිකව අත්හිටුවා ඇතැයි වාර්තාවේ.
කෝසල සේනාධීර මහතාට එරෙහිව පැවැත්වෙන විමර්ශනයක් හේතුවෙන් ඒ මහතාගේ සේවය මෙලෙස තාවකාලිකව අත්හිටුවා ඇතැයි වාර්තාවේ.

කෝසල සේනාධීර මහතා ගල්කිස්ස මහේස්ත්‍රාත් ධූරය දැරූ සමයේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ලබාදී තිබූ විදුලි සැපයුම නීතිවිරෝධී ලෙස ඔහුගේ නිල නිවසට ලබාගෙන ඇතැයි ලැබුණු පැමිණිල්ලකට අදාළව අධිකරණ සේවා කොමිසමේ විමර්ශනයක් අවසන් වීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයාගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇත.

පැමිණිල්ල සම්බන්ධයෙන් කළ මූලික විමර්ශනයේදී අධිකරණ සේවා කොමිසම සාක්ෂිකරුවන් 20 දෙනකුගෙන් සාක්ෂි සටහන් කරගෙන තිබිණි.

සාක්ෂිකරුවන් අතරට මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනකු මෙන්ම ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නිලධාරීන්ද ඇතුළත් වේ.

අදාළ නීතිවිරෝධී විදුලි රැහැන හේතුවෙන් විදුලි සැර වැදී විදුලි කාර්මිකයෙකු බරපතල ජීවිත අනතුරකට පත්වූ බවට ද අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පසුගියදා පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළේය.

මේ අතර කෝසල සේනාධීර මහතාගේ වැඩ තහනම් කිරීමෙන් පසු වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ කොටුවේ නව මහේස්ත්‍රාත්වරිය ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් තනූජා ජයසිංහ පත්කර තිබේ.

මේ අතර තනූජා ජයසිංහ කොටුව මහේස්ත්‍රාත්වරිය ලෙස පත්වීමෙන් පසු ඇති වූ පුරප්පාඩුව සඳහා මහේස්ත්‍රාත් රුවනි ජයවර්ධන නුගේගොඩ මහේස්ත්‍රාත්වරිය ලෙස පත්කර තිබේ.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Source link

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

O/L විභාග ප්‍රතිඵල හරියටම නිකුත් වෙන දිනය මෙන්න

පසුගිය වසරේ පවති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සති දෙකක් ඇතුළත ප්‍රකාශ කිරීමේ හැකියාව පවතින බව ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අධ්‍යාපන

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads