Global Platform For All Sri Lankans

නව නීතිපති ලෙස පාරින්ද රණසිංහ (කනිෂ්ඨ) දිවුරුම් දෙයි

parinda-ranasinghe-junior-attorny-general

 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව නීතිපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ කේ. ඒ. පාරින්ද රණසිංහ (කනිෂ්ඨ) මහතාව පත්කර තිබේ. ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී අද (12) පස්වරුවේ මෙම පත්වීම සිදුකර ඇත්තේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 61 ඊ (ආ) වගන්තිය ප්‍රකාරවය.
ජ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයකු වූ පාරින්ද රණසිංහ (කනිෂ්ඨ)මහතාගේ නම නීතිපති ධුරය සඳහා ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කර තිබුණු අතර එම සභාව එම නිර්දේශය ඊයේ දිනයේදී ඒකමතිකව අනුමත කර තිබිණි. කේ. ඒ.පාරින්ද රණසිංහ මහතා හිටපු අගවිනිසුරුවරයකු වන (ජ්‍යෙෂ්ඨ) කේ. ඒ.පාරින්ද රණසිංහ මහතාගේ පුත්‍රයාය. 1988-91 කාලයේ (ජ්‍යෙෂ්ඨ) කේ. ඒ.පාරින්ද රණසිංහ ශ්‍රී ලංකාවේ අග විනිසුරු විය.

පාරින්ද රණසිංහ (කනිෂ්ඨ) නීතිපති දෙපාර්තමේන්තුවේ 31 වසරක් සේවය කළ ප්‍රවීණ නීති විශාරදයෙකි.
කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු කොළඹ නීති විද්‍යාලයෙන් නීතිවේදී උපාධිය හැදෑරීමට සමත් විය. ඉන් පසුව ඔහු අධිකරණ සේවයට ඇතුළත් වූවෙකි.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Source link

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

O/L විභාග ප්‍රතිඵල හරියටම නිකුත් වෙන දිනය මෙන්න

පසුගිය වසරේ පවති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සති දෙකක් ඇතුළත ප්‍රකාශ කිරීමේ හැකියාව පවතින බව ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අධ්‍යාපන

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads