Global Platform For All Sri Lankans

නාමල්ට එරෙහිව බන්දුලගෙන් පැමිණිල්ලක්..

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, ජාතික සංවිධායක නාමල් රාජපක්ෂට එරෙහිව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් පොලිසියට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.

ඒ, තමන්ට කිසිදු දැනුම්දීමකින් තොරව හෝමාගම ප්‍රදේශයේ රැස්වීමක් සංවිධාන කළ බව පවසමින්.

එලෙස සිදු කිරීමෙන් ඔහු පක්ෂ විනය කඩ කර ඇති බවයි, අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට නොහැකි බව ද පොලිසිය එහි දී සඳහන් කර තිබෙනවා.

එසේම, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් , හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ සඳහන් කර ඇත්තේ, හිටපු පළාත් සභා මන්ත්‍රී ජනක වැලිවත්තගේ ආරාධනය පරිදි ඔහුගේ නිවසට පැමිණි බවයි.

ඒ අනුව, එහි තේ පැන් සංග්‍රහයකටද සහභාගී වූ බවත්, පාක්ෂිකයින් රැසක් තමා හමුවීමට පැමිණි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

එමෙන් ම බන්දුල ගුණවර්ධන පසුගිය කාල සීමාව තුළ නෙළුම් මාවතේ පක්ෂ කාර්යාලයට හෝ පැමිණ නොමැති බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

instagram bio for boys stylish font
instagram vip bio
instagram stylish bio
stylish bio for instagram
sanskrit bio for instagram
instagram bio in punjabi

RELATED LATEST NEWS

Top Headlines

මාලිගාවේ ෆ්‍රී ෂුට් ගැනිල්ලට හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජයරත්නගේ විරෝධය..

” මෙහෙම ගියොත් මඟුල් මඩුවේ මගුල් උත්සවත් ගනිවී ” දළදා මාලිගාව යනු දළදා වහන්සේ වැඩ සිටින උතුම් පුණ්‍ය භූමිය බැවින්,

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads