Global Platform For All Sri Lankans

ගිනියම නිවන මේ ඔසුව ගැන දන්නේ නැත්නම් , දැනගන්න..

 

මුළු ලෝකයම කතාකරන පෝෂණ ගුණයෙන් අනූන, බොහෝ ලෙඩරෝගවලට ගුණදෙන පෝෂණීය ධාන්‍ය වර්ගයක් තමයි මේ..

ඇත්තටම අපි නිතර දකින මුං ඇට කෝප්පය මේ විදිහට සුපිරි පෙලේ ආහාරයක් වුණේ කොහොමද? මෙන්න මේ හේතු නිසා තමයි මුං ඇට මේ තරම් වටින්නේ..

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව කෙනෙකුගේ ශරීරය තුළ පවතින පිත දෝෂයේ අධිකකම (ඌෂ්ණාධික කම) පැහැදිලිවම ඒ පුද්ගලයාගේ රෝගී භාවය, නීරෝගී භාවය කෙරෙහි බලපානවා..

කාන්තාවකගේ ශරීරයේ බොහෝ ගැටළු වලට හේතු වන්නෙත් මෙන්න මේ ශරීරයේ පවතින ගිනියම හෙවත් ඌෂ්ණාධිකකමයි.. මේ සිරුරේ ගිනියම නිසා ආර්තව ගැටළු, අකලට හිසකෙස් යාම, චර්ම රෝග, අක්ෂි රෝග, මුත්‍රා දැවිල්ල, ශරීරයේ දාහ ගතිය, ඔසප් චක්‍රයේ අක්‍රමිකතා, අම්ල පිත්තය, ශ්වේත ප්‍රදර හෙවත් සුදයාම ආදිය පමණක් නෙවෙයි පැලෝපීය නාලය තුළ දරුවකු බිහිවීමේ ක්‍රියාවලියටද (සංසේවන ක්‍රියාවලියට) දැඩි ලෙස බලපෑම් ඇතිකරනවා.. අපේ බොහෝ කාන්තාවන් දරුවන් නොමැතිව දුක් විඳින්නට මෙය ප්‍රධානම හේතුවක්..

ඉතින් මෙම බාධාවන් මඟහැර දරු පැටියෙකු උපද්දවා ගැනීමට නම් කාන්තාවන්ගේ මෙම ගර්භාෂය ආශ්‍රිත කලාපය සිසිල් කළ යුතු වෙනවා.. ඒ සඳහා ආයුර්වේදය සහ දේශීය වෙදකම තුළ රහස් වට්ටෝරු රැසක් ඇතත් අපට එදිනෙදා පහසුවෙන් භාවිතා කළ හැකි ප්‍රධානම රහස් වට්ටොරුවක් තමයි මෙන්න මේ මුං ඇට සහ මුං ඇට තැම්බූ වතුර..

කාන්තා පිරිමි හැමදෙනාටම පොදුවේ ශරීරයේ ඇති උෂ්ණත්වය පාලනය කර ගැනීම සඳහා මුං ඇට සහ මුං ඇට තැම්බූ වතුර දිනපතාම වුවත් පානය සුදුසුයි.. නමුත් ශරීරයේ සෙම් බහුල අයෙකු නම් සතියකට වතාවක් පමණක් එය පානය කළ යුතුයි..

මුං ඇට තම්බපු වතුර නිවැරැදිව පිළියෙල කරගන්නේ කොහොමද..?

මුං ඇට හුණ්ඩු එකක් පුරා රැයක් වතුරේ දමන්න. පසුදා එම වතුර පෙරා නොගෙනම තම්බන්න. තවත් වතුර කෝප්පයක් එයට එකතු කරන්න. සුදුළූණු බික් 02 ක් සහ ලුණු ස්වල්පයක් දමන්න. හොඳින් තැම්බුනු පසුව වතුර ටික වෙනම පෙරාගන්න. මද උණුසුම් පිටම පානය කරන්න.

ඔබට අවශ්‍ය නම් මුං ඇට ටික කන්නත් පුළුවන්. එහෙම නැත්නම් තම්බාගත් මුං ඇට මේස හැඳි 02 ක් මී පැණි මේස හැඳි 01 ක් සමඟ මිශ්‍රකර තලපයක් සාදා මුහුණේ ගල්වාගෙන පැහැපත් සමක් උරුම කරගන්නත් පුළුවන්.

මෙහිදී ඔබ වඩා සැලකිලිමත් විය යුත්තේ එක් කරුණක් නිසාවෙන් බව මතක තබා ගන්න… මුං ඇට පානය කිරීමට බොහෝ දෙනා මැලිකමක් දක්වන්නේ ඒවාට විවිධ කෘමිනාශක වල්නාශක ආදිය බහුල ලෙස භාවිතා කරන නිසාවෙනි.. අප මෙහිදී ඔබව දැනුවත් කර සිටින්නේ ඉතා විශ්වාසයදායි තැනකින් හෝ කාබනිකව සොයා සපයාගත් මුං ඇට ආහාරයට එක්කර ගන්නා ලෙසයි..

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

instagram bio for boys stylish font
instagram vip bio
instagram stylish bio
stylish bio for instagram
sanskrit bio for instagram
instagram bio in punjabi

RELATED LATEST NEWS

Top Headlines

මාලිගාවේ ෆ්‍රී ෂුට් ගැනිල්ලට හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජයරත්නගේ විරෝධය..

” මෙහෙම ගියොත් මඟුල් මඩුවේ මගුල් උත්සවත් ගනිවී ” දළදා මාලිගාව යනු දළදා වහන්සේ වැඩ සිටින උතුම් පුණ්‍ය භූමිය බැවින්,

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads