Global Platform For All Sri Lankans

සටනට නැති කාන්තාවෝ..

 

ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 39 දෙනකු ඉදිරිපත් වුවත්, මෙවර මැතිවරණය ට ද කාන්තාවන් කිසිවකුත් ඉදිරිපත් නොවීම විශේෂත්වයක්.

එසේම, කාන්තාවක ජනාධිපතිවරණයකට ඉදිරිපත් වී අවසන් වතාවට ජයග්‍රහණය කර ඇත්තේ 1999 වර්ෂයේදී යි.

ඒ හිටපු ජනපතිවරියක් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යි.

ඉන් වසර 20කට පසුව , නැවතත් 2019 වර්ෂයේ , කාන්තාවක් මැතිවරණයට ඉදිරිපත් වී තිබෙනවා.

ඒ අජන්තා විජේසිංහ පෙරේරා යන අයයි.

ඇය 2019 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂයට තරඟ කළ අතර, අපේක්ෂකයින් අතර හත්වන ස්ථානයට හිමිකම් කියමින් ඡන්ද 27,572 ක් ලබා ගත බවද සඳහන්.

කෙසේ වෙතත්, සිරිමාවෝ බණ්ඩාරනායක 1988 ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ අතර, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ ශ්‍රීමා දිසානායක යන අය 1994 වර්ෂයේ පැවති ජනාධිපතිවරණයට ඉදිරිපත් වී තිබුණා.

තවද, රටේ ජනගහනයෙන් සියයට 52 ක් නියෝජනය කරන්නෝ කාන්තාවෝ යි.

නමුත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර ද කාන්තාවන් සිටින්නේ සියයට 5.8 පමණකි.

කෙසේ වෙතත්, ස්වාමීන් වහන්සේලා දෙනමක් මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්ව සිටිනවා.

 

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads