Global Platform For All Sri Lankans

නිවුන් යෝධ පැන්ඩා උපතක්..

 

හොංකොං හි ‘ඕෂන් පාර්ක්’ උද්‍යානයෙන්, දුර්ලභ යෝධ පැන්ඩා නිවුන් පැටවුන්ගේ උපතක් පසුගියදා (අගෝස්තු 15) වාර්තා වුණා.

හොංකොං හි පළමු යෝධ පැන්ඩා නිවුන් උපත මෙය බවද විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

එසේම, මෙලෙස Ying Ying නම් පැන්ඩා මවට සහ Le Le නම් පැන්ඩා පියාට දාව උපත ලබා ඇත්තේ, ගැහැණු සහ පිරිමි පැටවුන් දෙදෙනෙකු බවයි සඳහන්.

තවද, ගැහැණු පැටවාගේ බර ග්‍රෑම් 122 ක් වන අතර, පිරිමි පැටවාගේ බර ග්‍රෑම් 112 ක්.

එසේම,’Ying Ying’ නම් පැන්ඩා මවගේ 19 වන උපන්දිනයට දිනකට පෙර පැටවුන් බිහි කිරීම ද සුවිශේෂී විය.

කෙසේ වෙතත්, වයස් ගණනය කිරීම්වලට අනුව, ඇය මිනිස් කාන්තාවක වුවානම්, මේ වන විට 57 වැනි වියේ පසුවන කාන්තාවකට සමාන වන බව ද සඳහන්.

එසේම, අලුත් පැන්ඩා පැටවුන් දෙදෙනාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ පැහැදිලි කරමින්, බලධාරීන් සඳහන් කර සිටියේ, ස්ථාවර වීමට කාලයක් අවශ්‍ය වන බැවින් පැටවුන් දැඩි සත්කාර ඒකකය යටතට යොමුකර ඇති බවයි.

කෙසේ වෙතත්, යෝධ පැන්ඩා උපත් නිරායාසයෙන්ම දුර්ලභ වන්නේ, යෝධ පැන්ඩාවුන් සංසර්ගයේ යෙදීමට මැලිකමක් දැක්වීම නිසාවෙන් බවයි වැඩිදුරටත් පර්යේෂකයින් සඳහන් කරන්නේ.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads