Global Platform For All Sri Lankans

සුදු සීනී දුඹුරු කළ ගබඩාවකට තිත..

 

ඉන්දියාවෙන් ආනයනය කරන සුදුු සීනිවලට ලංකාවේ නිෂ්පාදිත දුඹුරු සීනි සහ වර්ණක එකතුකර දුඹුරුු සීනි ලෙස සකසන ස්ථානයක් ඇඹිලිපිටිය ප්‍රදේශයේදී සොයා ගැනීමට පාරිභෝගික අධිකාරියේ රත්නපුර දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් කළ වැටලීිමක දී හැකි වූ බව පාරිභෝගික අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක අසේල බණ්ඩාර සඳහන් කළා.

කාලයක් තිස්සේ මෙම සුදු සීනි දුඹුරුු සීනි බවට පත් කිරීමේ ජාවාරම කරගෙන ගොස් ඇති බවට යි සඳහන් වන්නේ.

එසේම, වැටලීම කළ ස්ථානයේ තිබී කිලෝග්‍රෑම් 50 හිස් සීනි ඇසුරුම් 2500ක් ඔවුන් භාරයට ගෙන ඇති අතර, ඒවා කළවම් කළ සීනිවල, හිස් කවර යැයි සැක කරන බවද සඳහන්.

සුදු සීනි සහ දුඹුරුු සීනි කලවම් කිරීමෙන් පසු සීනි වල දුඹුරුුපාට වැඩිකිරීම සඳහා යොදන වාර්ණක ද, ඒවා කළවම් කරන උපකරණ ද පාරිභොගික නිලධාරින්ගේ භාරයට ගෙන ගබඩාව සහිත ගොඩනැගිල්ලට සීල් තැබූ බව ද වාර්තා වුණා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads