Global Platform For All Sri Lankans

වැරදුණු කුරුමානමට දෙකකට මාංචු..

 

හික්කඩුව හෝටලයක් අසලදී යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනකු විසින් පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බව කියන පුද්ගලයන් දෙදෙනකු ඊයේ (15) අත්අඩංගුවට ගත් බව හික්කඩුව පොලිසිය පවසනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, සංචාරක ව්‍යාපාරයේ නිරතවන අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 35 සහ 32 හැවිරිදි පුද්ගලයන් දෙදෙනකු බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ගාල්ල-කොළඹ මාර්ගයේ හෝටලයක් අසලදී ඉකුත් (14) දා යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනකු විසින් ටී 56 වර්ගයේ ගිනි අවියකින් පුද්ගලයකුට වෙඩි තැබීමට යාමේදී එම පුද්ගලයා වෙඩික්කරුවන් සමග පොර බදා වෙඩික්කරුවන්ගෙන් බේරී පලාගොස් තිබුණා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads