Global Platform For All Sri Lankans

සාවද්‍ය පුවතක්, සජබයේ අලුත්ම නිවේදනය මෙන්න..

 

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමගි ජන සන්ධානය හා එක්ව ඇතැයි පැවසෙන පුවත සාවද්‍ය බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක එස්. එම්. මරික්කාර් පවසනවා.

සමගි ජන බලවේගය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් , ඔහු සඳහන් කර ඇත්තේ, හිටපු ජනාධිපතිවරයා සමග සන්ධානගත වීමක් හෝ එවැනි සහායක් හෝ ලබාගැනීමට සමගි ජන සන්ධානයට අවශ්‍යතාවයක් නොමැති බවයි.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී නියත පරාජය හමුවේ වියරු වැටී සිටින ආණ්ඩුවට හිතවාදී ප්‍රචාරක කණ්ඩායම් විසින් අසත්‍ය පුවත් නිර්මාණය කර, ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන වැඩපිළිවෙලක නිරත වන බව ද මෙහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads