තායිලන්තයේ සිට මෙරටට එවා තිබූ පාර්සලයක් තුළ තිබී රුපියල් මිලියන 60කට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු මධ්‍ය තැපැල් හුවමාරුවේ රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝ ග්‍රෑම් 6යි ග්‍රෑම් 201 බවයි රේගු අධ්යක්ෂ, රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා සඳහන් කළේ.
දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි සැකකරුවෙකුද මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගෙන ඇත්තේ විශේෂ පාර්සල් පරීක්ෂාවක් අතරතුරයි.
මේ අතර, ඔරුගොඩවත්ත රේගු අංගනයේ පරීක්ෂා කිරීම් සඳහා යොදා තිබු බහාලුමක තිබී නීතිවිරෝධී ලෙස ආනයන කළ කහ තොගයක් සොයා ගැනීමට හැකිව තිබෙනවා.
රේගු නිවාරණ අංශයේ, මෙහෙයුම් ශාඛාව විසිනුයි මෙම පරීක්ෂාව සිදුකර ඇත්තේ.
එහිදී සම්පූර්ණයෙන්ම කන්ටේනරය තුළ කහ පමණක් තිබූ බව පැවසූ පුංචිහේවා මහතා කියා සිටියේ, කහ තොගයේ වටිනාකම මෙතෙක් ගණනය කර නොමැති බවයි.










