ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් අද (22) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.
දිට්වා සුළි කුණාටුවෙන් සිදුවු හානිය පිළිබඳව අධ්‍යයනය කිරීම සහ ඒ සම්බන්ධයෙන් බලධාරීන් සමග සාකච්ඡා කිරීමේ අරමුණින් අදාළ නියෝජිතයින් පිරිස මෙරටට පැමිණීමට නියමිත බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළේ.
අද දිනයේ දිවයිනට පැමිණෙන එම නියෝජිතයින් ලබන 28 වන දින දක්වා මෙරට රැඳී සිටීමට නියමිතයි.
දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආර්ථික හා මානුෂික අභියෝග පිළිබඳ ශ්‍රී ලංකාව කටයුතු කර ඇති ආකාරය පිළිබඳව සොයාබැලීම සහ එමඟින් යටිතල පහසුකම්, ජීවනෝපායන් සහ ආර්ථික ස්ථාවරත්වයන් කෙරෙහි සිදුව ඇති බලපෑම් අවබෝධ කරගැනීම මෙම නියෝජිත කණ්ඩායමේ අරමුණ වී ඇති බව සඳහන්.
ඊට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ අරමුදල් පහසුකමේ පස් වැනි සමාලෝචනය මේ වන විට අවසන් කර ඇති අතර ඊට අනුමැතිය ලබාදීම පිළිබඳව ද මෙම සංචාරයේ දී අවධානය යොමුවනු ඇති බව වාර්තා වනවා.











