නව දේශපාලන පක්ෂ 5ක් ලියාපදිංචි කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අනුමැතිය ලබා දී තිබෙනවා.
එම සභාව සඳහන් කළේ සමාජවාදී ජනතා පෙරමුණ, ජන සහභාගී ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, මලෙයිග අරසියල් අරංගම්, සමත්තුව කඩ්චි, විප්ලවාදී ජනතා බලය යන පක්ෂ සඳහා අදාළ අනුමැතිය ලබා දී ඇති බවයි.
පසුගිය වර්ෂය සඳහා නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමට පැවති සම්මුඛ පරීක්ෂණවලින් අනතුරුව මෙම දේශපාලන පක්ෂ 5 ලියාපදිංචි කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇති.
2025 වර්ෂයේ දී දේශපාලන පක්ෂ 83ක් ලියාපදිංචිය සඳහා ඉල්ලුම් පත් යොමුකර තිබු අතර ඉන් දේශපාලන පක්ෂ 47ක් මුලික සම්මුඛ පරීක්ෂණ සඳහා තෝරාගනු ලැබුවා.
අවසන් සම්මුඛ සාකච්ඡාවලින් අනතුරුව එම පක්ෂවලින් ද පක්ෂ 5කට මෙලෙස ලියාපදිංචිය සඳහා අවසර ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව මේ වන විට මෙරට ලියාපදිංචි පක්ෂ සංඛ්‍යාව 85ක්.











