නීතිවිරෝධී ලෙස කැස්බෑ බිත්තර එකසිය දහ හතක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ඒ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (28) ත්‍රිකුණාමලය කල්ලඩිචේනයි වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි.
අදාළ සැකකරු නීතිවිරෝධී ලෙස මෙම බිත්තර 117 රැගෙන යමින් සිටියදීයි මෙලෙස නාවික හමුදා භාරයට ගෙන ඇත්තේ.
මෙම පුද්ගලයා ත්‍රිකුණාමලය තෝපූර් ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙක්.
නාවික හමුදාව කටයුතු කර ඇත්තේ අත්අඩංගුවට ගත් සැකකරු සහ කැස්බෑ බිත්තර තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා සේරුනුවර වනජීවී කාර්යාලය වෙත භාර දීමටයි.










