ඉරානය සමඟ යුද්ධය අවසන් වූ පසු, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියුබාවේ කොමියුනිස්ට් රජයට එරෙහිව පියවර ගන්නා බව ප්‍රකාශ කර තිබෙනවා.
ඊයේ (05) ධවල මන්දිරයේදී පැවති ඉන්ටර් මියාමි පාපන්දු කණ්ඩායම සමඟ හමුවකදී, ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ කියුබාව සම්බන්ධ “අතිවිශිෂ්ට කාර්යභාරයක්” ඉටු කරන බවයි. එමෙන්ම, රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝට ස්තූතිය පළ කරමින්, කියුබාවේ ආර්ථිකය වැඩි පීඩනයට පත් කිරීමට අමෙරිකානු පරිපාලනය තවත් දැඩි ක්‍රියාමාර්ග ගනිමින් ඇති බවද දක්වා තිබෙනවා.
ට්‍රම්ප් සහ ඔහුගේ සහචරයින් හවානා රජයට නිතර තර්ජන එල්ල කරමින්, ආර්ථික පීඩනය වැඩි කිරීමේ කාර්යය දැඩිව අරඹා ඇත. මේ පියවර, කියුබාවේ කොමියුනිස්ට් රජය පෙරලා දැමීමේ අරමුණ සහිතව සිදු කරනු ලබන බව වාර්තා වනවා.











