දේශීය

වනවාසල – හුණුපිටිය අතර දුම්රියක් පීලි පනී – මැදිරියක් පෙරළී මගීන් 12 දෙනෙකු තුවාල ලබයි.

අද (16) අලුයම පොල්ගහවෙල සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක් වනවාසල සහ හුණුපිටිය අතර දුම්රිය මාර්ගයේදී පීලි පැනීමකට ලක්ව එක් මැදිරියක් පෙරළී යාමෙන් මගීන් 12 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී F.U. Wootler මහතා සඳහන් කළේ, තුවාල ලැබූ පිරිස අනතුර සිදු වූ ස්ථානය ආසන්නයේ පිහිටි පෞද්ගලික රෝහල් වෙත ඇතුළත් කර ඇති බවයි.

ඒ අතරින් එක් අයෙකුගේ තත්ත්වය සැලකිල්ලට ගෙන වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇති බවද වාර්තා වනවා.

අනතුරට ලක් වූ දුම්රිය අද අලුයම 3.25 ට පොල්ගහවෙලින් පිටත්ව කළුතර දකුණ බලා ධාවනය වෙමින් තිබූ බව සඳහන්.

මෙම අනතුර හේතුවෙන් දුම්රිය ගමනාගමනයටද බාධා ඇතිවිය හැකි බැවින් මගීන් කල්තියා තොරතුරු ලබාගෙන ගමන් කරන ලෙස බලධාරීන් දැනුම් දී තිබෙනවා.

Shares: