උණුසුම් පුවත්දේශීය

චිචීගේ රොකට්ටුව ගැන BOI හරිනිට දුන්නේ වැරදි තොරතුරු

චිචීගේ රොකට්ටුව ගැන BOI හරිනිට දුන්නේ වැරදි තොරතුරු

සුප්‍රීම්සැට් සමාගම උපයා ඇති ආදායම සම්බන්ධයෙන් අගමැතිවරියට සංඛ්‍යාලේඛන ලබා දීමේදී ආයෝජන මණ්ඩලය විසින් (BOI) වැරැද්දක් වී ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසීය.

ඔහු මේ බව පැවසුවේ, අද (අගෝ. 7) පාර්ලිමේන්තුවේදී ය.

සුප්‍රීම්සැට් සමාගම උපයා ඇත්තේ, රුපියල් මිලියන 342 ක් පමණක් බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, සුප්‍රීම්සැට් සමාගම චන්ද්‍රිකාවෙන් නොව සමාගමක් ලෙස ආදායමක් උපයා ඇති බව ය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ විසින් අභ්‍යවකාශගත කරන ලද සුප්‍රීම් සැට් යානයට සමාගමකින් මුදල් ලබාගත්ත ද ඒ සඳහා ශ්‍රී ලංකා රජය මුදල් ආයෝජනය කර නැතැයි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී ඊයේ (අගෝ. 6) හෙළි කළා ය.

Shares: