අද (08) දිනයේදී දිවයිනේ ප්‍රදේශ රැසකට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
වැසි අපේක්ෂිත ප්‍රදේශ ලෙස,
බස්නාහිර පළාත
සබරගමුව පළාත
වයඹ පළාත
ගාල්ල
මාතර
මහනුවර
නුවරඑළිය දක්වා තිබෙනවා.
මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ඇදහැලිය හැකි බවයි වාර්ථා වල සදහන් වන්නේ.
අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලද ස්වල්ප වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා.
තද සුළං පිළිබඳ අනතුරු ඇඟවීමක්!
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්, උතුරු සහ උතුරු මැද පළාත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර් 40 – 50 දක්වා තද සුළං ඇති විය හැකියි.
දිවයිනේ සෙසු ප්‍රදේශවලද පැයට කිලෝමීටර් 30 – 40 පමණ තරමක් තද සුළං අපේක්ෂා කෙරෙනවා.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී අකුණු හා තාවකාලික තද සුළං හේතුවෙන් අනතුරු සිදුවිය හැකි බැවින් අවශ්‍ය ආරක්ෂක පියවර ගන්න.
රියදුරන් ප්‍රවේශම් වන්න.
නිවස අවට අවදානම් වස්තු ආරක්ෂිතව තබන්න.
ගස් යට රැඳී සිටීමෙන් වළකින්න.
අකුණු ඇති අවස්ථාවල විදුලි උපකරණ භාවිතය සීමා කරන්න.
ඔබ සහ සියලු දෙනාගේත් ආරක්ෂාව වෙනුවෙන් මෙම වැදගත් දැනුම්දීම මිතුරන් හා පවුලේ අය සමඟ බෙදාගන්න.
YouTube:
https://www.youtube.com/@lankahitnews
Facebook:
https://www.facebook.com/officiallankahitnews
⚫ TikTok:
@lankahitnewsofficial
✖️ Twitter/X:
https://x.com/HitNewsLanka
Website:
ඔබේ ප්‍රදේශයේ පුවත් අපට එවන්න:
WhatsApp: 072 746 4185
Email:
[email protected]
නවතම පුවත් ඉක්මනින්ම ලබාගන්න Lanka Hit News Page එක Follow කරලා තියාගන්න.











