විදෙස්

ජෙරුසලමේ වෙඩි තැබීමෙන් මියගිය ගණන ඉහළට

ඊශ්‍රායලයේ, ජෙරුසලම්හි තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් හය දෙනෙකු මියගොස් තිබෙනවා.

එහිදි තවත් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් 06 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ජෙරුසෙලම්හි රාමෝද් ප්‍රදේශයේ බස් රථයකට නැගීම සඳහා සිටි පිරිසක් ඉලක්ක කර ගනිමින් තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි ප්‍රහාර මාලාවක් සිදුකර තිබෙනවා.

පසුව ආරක්ෂක අංශ විසින් වෙඩික්කරුවන් දෙදෙනාට ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

 

Shares: