දේශීය

අගවිනිසුරු ගමන් ගත් රථ පෙළ ඡායාරූප ගත කළ පුද්ගලයෙකු රිමාන්ඩ්

අගවිනිසුරුවරයා ගමන් ගත් රථ වාහන පෙළ වීඩියෝ කළ බව පවසමින් අත්අඩංගුවට ගත් සැකකරුවකු ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළා.

කුරුඳුවත්ත පොලීසිය මඟින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක. එස් .බෝදරගම මහතා හමුවට පමුණුවනු ලැබුවා.

කුරුඳුවත්ත පොලීසිය අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම සැකකරු සම්බන්ධ විමර්ශන කටයුතු තවදුරටත් පැවැත්වෙන බව සඳහන් කළා. 

සැකකරුගේ ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට නියෝගයක් නිකුත් කරන ලෙසත් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

 

Shares: