අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට මාතර දී පොලීසිය විසින් වෙඩිතබා තිබෙනවා.
පොලීසිය පැවසුවේ, මාතර වැල්ලමඩම ප්රදේශයේ මාර්ග බාධකයක සිටි පොලිස් නිලධාරීන් අදාළ මෝටර් රථය නවත්වන ලෙස සංඥා කර ඇති බවයි.
එහෙත් එම අණ නොතකා මෝටර් රථය ධාවන කර තිබෙනවා.
එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් මෝටර් රථයට වෙඩි ප්රහාර කිහිපයක් එල්ල කර ඇති බව සඳහන්.
නොනවත්වා ධාවනය වු මෝටර් රථය පසුව මාතර ජනරාජ මාවතේ අතහැර දමා ගොස් තිබියදී සොයා ගත් බවයි පොලීසිය ප්රකාශ කළේ.
මෝටර් රථයේ පුද්ගලයින් දෙදෙනෙකු එම අවස්ථාවේ ගමන් කර ඇති අතර පසුව ඔවුන් පලාගොස් තිබෙනවා.
කෙසේ නමුත් මෝටර් රථයේ හිමිකරු හඳුනාගෙන ඇති බව සඳහන්.
පොලීසිය කියා සිටියේ මේ සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි.











