බලගල්ල ප්‍රදේශයේ පිහිටි තාවකාලික ලැගුම්හලක කාමරයක් තුළ තිබී පුද්ගලයෙකුගේ මළසිරුරක් හමුව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 26 ක් වූ මහවිලච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඊයේ (15) දහවල් කාලයේ දිවුලපිටිය පොලීසියට ලද පැමිණිල්ලක් මත මෙම විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය ගම්පහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කරයි ඇත්තේ.
දිවුලපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.











