අධික මිල ගණන් යටතේ පානීය ජල බෝතල් අලෙවි කළ වෙළෙඳුන්ට එරෙහිව සිදුකළ නඩු කටයුතුවලදී දඩ වශයෙන් රුපියල් මිලියන 25කට අධික මුදලක් දඩ වශයෙන් අයකරගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
පසුගිය අප්‍රේල් මස පළමු දින සිට සැප්තැම්බර් 30 දක්වා වු මාස 06ක කාලය තුළ සිදුකළ වැටලීම්වලින් මෙම දඩ මුදල් අයකරගෙන ඇති බවයි එම අධිකාරිය ප්‍රකාශ කළේ.
එම කාලය තුළ දිවයින පුරා වැටලීම් 306ක් සිදුකර ඇති අතර ඉන් වැඩි සංඛ්‍යාවක් සිදු කර ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින්.
එහිදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ ඉදිරියටත් අඛණ්ඩව මෙම වැටලීම් සිදුකරන බවයි.











