බස්නාහිර පළාත තුළ ධාවනය කෙරෙන බස්රථවල ප්රවේශ පත්ර නිකුත් නොකරන කොන්දොස්තරවරු හා ප්රවේශ පත්ර ලබා නොගන්නා මගීන් සම්බන්ධයෙන් ඊයේ සිට නීතී දැඩිව ක්රියාත්මක කරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරිය පැවසුවා.
මෙම නීතිය කඩකරන කොන්දොස්තරවරුන් දින 3ක වැඩ තහනමකට හා දඩයකට ලක්වන අතර ටිකට්පත් සන්තකයේ තබා නොගන්නා මගීන්ට ද දඩ මුදලක් ගෙවීමට සිදුවනු ඇති.
බස්නාහිර පළාත තුළ මගී ප්රවාහනයේ යෙදෙන බස්රථවල ප්රවේශපත්ර නිකුත් කිරීම පසුගිය පළමුවැනිදා සිට අනිවාර්ය කෙරුණු අතර ඒ අනුව ගෙවුණු දින 14ක කාලය තුළ බස් රථවල ප්රවේශ පත්ර නිකුත් කිරීම නිසි ලෙස සිදුවන්නේ ද යන්න පරීක්ෂා කෙරුණා.
ටිකට් පත් නොමැති මගීන්ට සහ ටිකට් පත් නිකුත් නොකරන කොන්දොස්තරවරුන්ට අවවාද කිරීම පමණි එම කාලසීමාව තුළ සිදු කරනු ලැබුවේ.
කෙසේ වෙතත් එම නීතිය කඩකරන මගීන්ට සහ කොන්දොස්තරවරුන්ට නීතිය ක්රියාත්මක කිරීම ආරම්භ කෙරුණේ ඊයේ සිටයි.











