රුපියල් කෝටි 18කට අධික වටිනාකමකින් යුත් හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග විදෙස් ජාතිකයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගුවන්තොටුපොළේ හරිත මාවත ඔස්සේ අදාළ මත්ද්‍රව්‍ය තොගය පිටතට රැගෙන යාමට උත්සහ කිරීමේ දීයි රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරු 21 හැවිරිදි කැනේඩියානු ජාතිකයෙකු වන අතර ඔහු ඩුබායි සිට අද (28) අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති බව සඳහන්.
සැකකරු රැගෙන ආ ගමන් මල්ලේ පොලිතින් මලු 6ක් තුළ කුඩා ඇසුරුම් 72ක හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 18යි ග්‍රෑම් 253ක් සඟවා තිබියදී සොයාගන තිබෙනවා.
ගුවන්තොටුපොළ රේගුව පැවසුවේ අත්අඩංගුවට ගත් එම පුද්ගලයා සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා ගුවන්තොටුපොළ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදී ඇති බවයි.










