දකුණු කොරියානු මගී නෞකාවක් අද (19) පස්වරුවේ එරට ගිනිකොනදිග වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ ගල්පරය ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
කෙසේ නමුත්, අනතුරත් සමග ගලවාගැනීම් කඩිනම්ව සිදුවීම හේතුවෙන් එහි සිටි මගීන් 246 දෙනාගේම දිවි බේරාගැනීමට හැකි වූ වෙරළාරක්ෂක බළකාය පවසනවා.
ජෙජු නිවාඩු නිකේතනයේ සිට මොක්පෝ වරාය නගරය වෙත ගමන් කරමින් සිටි ක්වීන් ජෙනුවියා 2 නම් නෞකාව මෙලෙස ගැටී තිබෙනවා.
අනතුරත් සමග නෞකාව සිරවී ඇති නමුත්, එය ගිලී යාමේ හෝ පෙරළීමේ අවදානමක් නොමැති බව සඳහන්.
අනතුරෙන් පස් දෙනෙකු පමණක් සුළු තුවාල ලබා තිබෙනවා බවද සඳහන්.











