රටේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ ජනතාවට සහන සැලසීම අරමුණු කරගනිමින් GovPay හරහා පරිත්‍යාග සිදුකළ හැකි ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා.
මුදල් අමාත්‍යාංශය විසින් පිහිටුවා ඇති ආපදා සහන අරමුදලට පරිත්‍යාග සිදුකිරීමට මේ වන විට පහසු සහ විනිවිඳභාවයෙන් යුතුවයි මෙම ක්‍රමවේදය හඳුන්වා දී ඇත්තේ.
රාජ්‍ය ගෙවීම් ද්වාරය වන GovPay හරහා ඕනෑම අයෙකුට, ඕනෑම වේලාවක, ක්ෂණිකව පරිත්‍යාග සිදුකිරීමේ හැකියාව දැන් උදා වී තිබෙන අතර, මෙහිදී පරිත්‍යාග මුදල් එසැනින් (Real-Time) අරමුදලට බැර වන අතර, නිවසේ සිට හෝ ඕනෑම තැනක සිට පහසුවෙන් පරිත්‍යාග කළ හැකි වීමත්, එම ක්‍රියාවලිය සම්පූර්ණයෙන් පාරදෘශ්‍යභාවයෙන් (Transparency) යුක්ත වීමත් විශේෂත්වයක්.
GovPay සමඟ සම්බන්ධ වී ඇති මෙරට වාණිජ බැංකු සහ බලයලත් FinTech යෙදුම් (Apps) රැසක් හරහා මෙම ආපදා සහන අරමුදලට මුදල් පරිත්‍යාග කළ හැකියි.
එමෙන්ම පරිත්‍යාග සිදුකළ හැකි බැංකු සහ FinTech යෙදුම් ලැයිස්තුව පිළිබඳව තොරතුරු දැන ගැනීමට https://govpay.lk/si/supported-banks-fintech සබැඳිය වෙත පිවිසිය හැකි බවයි නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.










